IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බ්‍රිගේඩියර් දේශප්‍රියට ඇප නියම වෙයි

(ටෝනි කරුණානායක)

පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ හමුදා කණ්ඩායම බාරව සිටි යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (31) නියෝග කළේය.

බ්‍රිගේඩියර්වරයාට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් සහ රුපියල් මිලියන තුන බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණ අතර සැරයන්වරයාට මුදලින් රුපියල් 50000ක ඇපයක් ද රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කෙරිණ.

සැම මාසයකම අවසන් ඉරිදා දින පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියම කෙරිණ.

සැකකරුවන්ට විදේශ ගත වීමද තහනම් කෙරුණ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය.

අධිකරණයට දැනුම් දීමකින් තොරව පදිංචිය වෙනස් නොකරන ලෙසට ද ඔවුන්ට නියම කෙරිණ.



අදහස් (10)

බ්‍රිගේඩියර් දේශප්‍රියට ඇප නියම වෙයි

පිටිගල මිලානෝ Thursday, 31 August 2017 06:45 AM

මෙයාට අණ දුන්න කෙනා ඇයි වීරයෙක් ලෙස ඉදිරියට එන්නේ නැත්තේ? බයේද? පව් නේද මේ අහිංසක නිලධාරීන්?

:       1465       217

ධර්මපාල Thursday, 31 August 2017 07:37 AM

මිනීමරුවන්ට නම් සමාවක් ඇප දීමක් ස්වභාවධර්මයෙන් නොලැබේවි!

:       259       80

amali Thursday, 31 August 2017 08:32 AM

පිටිගල මිලානෝ සහ ධර්මපාල එක නම් ඇත්ත. 60000 ක් මරපු කෙනාටත් දඩුවම් දෙන්න ඕනේ....

:       2       415

asiri Thursday, 31 August 2017 08:47 AM

මෙයාට උපදෙස් දීපු කෙනා රිමාන්ඩ් කරන්නේ නැතුව මෙච්චර කල් ගත්ත එක විහිළුවක්....

:       409       307

අසෝක ජයතිලක මිලානෝ Thursday, 31 August 2017 09:21 AM

පිටිගල අයියේ, එයා සාමාන්‍යයෙන් බය කෙනෙක්...

:       534       34

Kamal Thursday, 31 August 2017 10:02 AM

උද්ඝෝෂකයින්ට වෙඩි තියන එක හොඳ වැඩක් ....

:       3       74

HafeelThursday, 31 August 2017 10:58 AM

කමල්, මෙම උද්ඝෝෂණය අනිකුත් උද්ඝෝෂණවලට වඩා වෙනස්. මධ්‍යස්තව බලන්න.

:       47       4

gallage Thursday, 31 August 2017 11:04 AM

මේවගේ අයට පින්සිද්ද වෙන්න මහින්ද මහත්තයා ගෙදර ගියා.

:       162       1

අතුල Thursday, 31 August 2017 01:28 PM

මේ නිලධාරීන් ගෙවන්නේ මහින්දගෙයි, ගොඨාභයගෙයි "පව්" තමයි. ත්‍රස්තවාදීන් එක්ක සටන් කරපු මේ මහත්වරුන්ට, අහිංසක මිනිස්සු මරන්න රුදාවක් නැහැ. ඒ අයට බලයේ රැඳෙන්න, ඕනෑම දෙයක් කරන්න පසුබට වුණේ නැහැ. මේ දෙන්නා විතරක් නොවෙයි, හමුදාවේ, පොලිසියේ සහ රාජ්‍ය සේවයේ මහත්වරු කීදෙනෙක් සිර බත් කෑවද? වරදක් කළොත් නීතියෙන් විතරක් නොවෙයි, ස්වභාවධර්මයෙන් අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙනවා.

:       138       2

අභය Thursday, 31 August 2017 02:41 PM

වෙඩි තියන්න කියලා මෙයට අණ දීපු කෙනා ඊළඟ සැරේ ජනාධිපතිවරණෙටත් ඉල්ලන්න ලෑස්තියි.

:       138       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 16 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site