IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානා තාවකාලිකව අත් හිටුවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇලස්කා ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානයක බඳෙහි දොරක කොටසක් පසුගිය සිකුරාදා උඩු ගුවනේදී ගැලවී යාම හේතුවෙන් එම මාදිලියට අයත් ගුවන් යානා පියාසර කිරීමට ලබා දී ඇති අවසර තාවකාලිකව අත් හිටුවීමට ඇමෙරිකානු බලධාරීන් තීරණය කර ඇත.

පසුගිය සිකුරාදා රාත්‍රියේ ඇමෙරිකාවේ පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළෙන් කැලිෆොනියා ප්‍රාන්තයේ ඔන්ටාරියෝ බලා පියාසර කිරීම ආරම්භ කළ ඇලස්කා ගුවන් සේවයට අයත් බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානයක බඳෙහි දොරක කොටසක් ගැලවී යාම හේතුවෙන් නැවතත් පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළ වෙත එම ගුවන් යානය ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට සිදු විය.

පොර්ට්ලන්ඩ් ගුවන් තොටුපොළෙන් පියාසැරිය ආරම්භ කර කිලෝ මීටර 4.8 ක් පමණ පියාසර කරන විට බෝයිං 737 ගුවන් යානයෙහි දොරක කොටසක් ගැලවී ගොස් ඇති අතර එම අවස්ථාවේ මගීන් 171 දෙනකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනකු ගුවන් යානයේ ගමන් කර ඇත.

ගුවන් යානය තුළ පීඩනය සීඝ්‍රයෙන් අඩුවීම හේතුවෙන් ළමයකුගේ ඇඳුම් ඉරී ගොස් ඇති අතර ඔක්සිජන් වෙස් මුහුණු පහළට වැටී ඇතත් සිදු වීමෙන් මගීන් දැඩි කම්පනයකට ලක්ව ඇති නමුත් වාසනාවකට මෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැත.

මෙම සිදුවීම හේතුවෙන් බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානා පියාසර කිරීමට අවසර ලබා දීම එම ගුවන් යානා සම්පූර්ණයෙන්ම පරික්ෂාවකට ලක් කරන තෙක් තාවකාලිකව අත් හිටුවීමට ඇමෙරිකානු ෆෙඩරල් බලධාරීන් තීරණය කර ඇත.එම තීරණය ලොව පුරා බෝයිං 737 ගුවන් යානා 171 කට පමණ බලපාන බවත් එක් ගුවන් යානයක් සම්පූර්ණයෙන් පරික්ෂා කිරීමට පැය 8 ත් 9 ත් අතර කාලයක් ගතවන බවත් ෆෙඩරල් බලධාරීන් පැවැසුවේය.

 



අදහස් (1)

බෝයිං 737 මැක්ස් 9 ජෙට් ලයිනර් ගුවන් යානා තාවකාලිකව අත් හිටුවයි

අරවින්ද මොනරවිල Sunday, 07 January 2024 08:14 PM

හොද වෙලාවට කෙහෙළිය වගේ ඇමතියෙක් ඇමරිකාවේ නොසිටියේ, එහෙම හිටියා නම් කියයි මොකටද ගුවන් යානා ධාවනය නවත්වන්නේ ඒ වගේ වෙලාවට ප්‍රයෝජනයට ගන්න තමයි ඔසිජන් මාස් හයි කරලා තියෙන්නේ කියලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site