‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානාවල ආරක්ෂාව සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වීමත් සමඟ ඇමෙරිකන් ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය, ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා විශේෂ පරීක්ෂණයකට යොමු කළ අතර, එහිදී ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා 79 ක දෝෂ සොයා ගැනුණි.
‘බෝයිං 737 මැක්ස් 9’ යානා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සිදුවූයේ පසුගිය සති අන්තයේ, මගීන් සමඟ පියාසර කරමින් තිබුණු ඇලෙක්සා ගුවන් සේවයට අයත්, ‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානයක කැබින් දොර, හිටිහැටි ගැලවී විසිවී යෑමේ සිද්ධියෙන් අනතුරුවය.
ඇලෙස්කා ගුවන් සේවයට අයත් අංක 1282 නමැති එම ගුවන් යානයේ කැබින් දොර ගැලවී විසිවී ගියේ යානය කැලිෆෝනියාවේ ඔන්ටැරියෝ බලා පියාසර කරමින් තිබියදීය. ඒ වනවිට යානය අඩි 16,000 කට වඩා ඉහළින් පියාසර කරන්න විය.
දොර ගැලවී යෑමත් සමඟ යවානයේ පීඩනය වෙනස් වී එය කඩා වැටීමට ගිය නමුත් නියමුවන්ගේ හපන්කමින් එය එසේ නොවිණි. යානය ඇමෙරිකාවේ ඔන්ටැරියෝ ජනපදයට හදිසි ගොඩබෑමක් කිරීමට නියමුවෝ සමත් වූහ.
ගැලවී විසුවුණු කැබින් දොර පෝට්ලන්ඞ් පිටිසරබද ප්‍රදේශයකට පතිත විය. එම සිද්ධියෙන් පසු ‘බෝයිං 737 මැක්ස් 9’ වර්ගයේ ගුවන් යානා සියල්ල පරීක්ෂාවට ලක් කෙරුණි.
එහිදී ‘බෝයිං 737 මැක්ස් 9’ මගී ගුවන් යානා 79 ක කැබින් දොරවලට සම්බන්ධ ඇණ මුරිච්චි පරීක්ෂා කළ යුතු බවත්, එම ඇණ මුරිච්චි තවත් තද කළ යුතු බව, ෆෙඩරල් ගුවන් ගමන් පාලන අධිකාරිය පරීක්ෂණවලින් නිගමනය කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘බෝයිං 737 මැක්ස් 9’ ගුවන් යානාවල දෝෂ