IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බයිලා චැම්පියන් වොලී බැස්ටියන්ගෙ පරපුරේ සිංදු කියන චේතනා

2

නිල්වන් ජලාසේ
දියරැලි සිනාසේ
කිමිදෙන්න පීනා
හද විලෙහි මාගේ...

කසුන් පැස්කුවල් ආදරණීයව එසේ ආමන්ත‍්‍රණය කරද්දී, චේතනා රණසිංහගේ ලයාන්විත හඬ ගලායන්නේ මෙලෙසිනි.
සඳකැන් වැටිලා
පෙම්වන්ත යායේ
නැලවෙන්න  ඕනෑ
තුරුලේ ඔයාගේ...

එලෙසින් ගී මුමුණමින් තාරුණ්‍යය අතර ජනප‍්‍රියව සිටින මේ චේතනා සඳැල්ල පිළිසඳරකට එක්වූවාය.

5
button චේතනා ඔබ ගැන වූ සඳහනකින් අපි කතා බහ අරඹමු නේද?
මගේ සම්පූර්ණ නම චේතනා ආදේශිකා රණසිංහ. ගම සීදූව. ඉගෙන ගත්තේ කොළඹ බිෂෝප් විද්‍යාලයෙන් සහ දේවි බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මා - තාත්තා සහ නංගියි මමයි. දැන් මගේ වයස් අවුරුදු 22යි. මේ වන විට මම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කලා අංශයේ දෙවැනි වසරේ සිසුවියක්. ඊට අමතරව සංගීත විශාරද (ප‍්‍රථම) විභාගයට සූදානම් වෙනවා. ඊටත් අමතරව ජයවර්ධනපුර සරසවියෙන් ජනමාධ්‍ය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරනවා.


button මේ දිනවල ඔබ සහ කසුන් පැස්කුවල් ගයන  ‘‘නිල්වන් ජලාසේ’’ ගීතය ජනප‍්‍රිය වගේම, තවත් අලූත් ගීතයක් තරුණ පරපුර අතර වඩාත් ජනප‍්‍රිය වෙලා නේද?
ඒ ‘‘නොකිව්ව ආදරය’’යි.


button‘‘නොකිව්ව ආදරය’’ කිව්වෙ?
නන්දන වික‍්‍රමගේ රචනා කළ රොමේෂ් සුගතපාල සංගීතවත් කළ  ‘‘නොකිව්ව ආදරය’’ ගීතයට මේ දිනවල ලැබෙන්නෙ හොඳ ප‍්‍රතිචාර. ඒක මගේ අලූත්ම ගීතයයි.


button ගීතයෙන් ඔබ නොකිව්ව ආදරයක් ගැන කිව්වත්, ප‍්‍රකාශ කළ ආදරයක් සැබෑ ජීවිතයේ තියෙනවා නේද?
ඔව්, ඔව්, තියෙනවා.


buttonඑළිමහන් ප‍්‍රසංග වේදිකාවේදී ඔබ මෙතෙක් ගැයූ ගීත නෙවෙයි, නේද ගයන්නෙ. එතැනදි හිංදි සහ දමිළ ගීත නේද ගයන්නෙ?
එළිමහන් වේදිකාවට වඩාත් ගැළපෙන විදියට අපි ගීත ගයන්න  ඕනෑ. ඒ නිසා එතැනදි මම වැඩිපුර ගයන්නෙ හිංදි සහ දමිළ ගීතයි.


buttonනමුත් මේ සියල්ලට වඩා ඔබට ආරාධනා ලැබෙන්නෙ, රඟපෑමටලූ නේද?
ඇත්තෙන්ම රඟපෑමට ගොඩාක් ආරාධනා ලැබුණා. ඒත් ඉගෙනීම් කටයුතු සහ සංගීත ක්ෂේත‍්‍රයේ වැඩ නිසා රඟපෑම් කිසිවක් බාර ගත්තෙ නැහැ.


buttonසංගීතය, ජනමාධ්‍ය සහ කලා අංශයෙන් ඉගෙන ගන්නා ඔබගේ අරමුණ මොකක්ද?
සංගීත කටයුතු අතරේ මාධ්‍යවේදිනියක වීම තමයි අරමුණ.


buttonඇයි පිරිමි ළමුන් ඔබගෙ ගායනයට මෙතරම් ලැදි?
මම හිතන්නෙ ගායන රිද්මය නිසා වෙන්න ඇති.


buttonබයිලා ලොවේ රට හොල්ලපු වොලීබැස්ටියන් ඔබගෙ පරපුරේ ඥාතීත්වයක් තියෙනවා නේද?3
ඔව්. වොලී බැස්ටියන් සමඟ අපේ ඥාතීත්වයක් තියෙනවා.


buttonඒ විදියට බයිලාවලින් රට හොල්ලන අරමුණක් ඔබටත් නැද්ද?
ආනිවාර්යයෙන්ම ඒ විදියෙ අදහසක් තියෙනවා. අපට අයිතියකුත් තියෙන නිසා ඔහුගේ ගීතයක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ අරමුණකුත් තියෙනවා.


button ඔබගෙ පියා පොලිස් නිලධාරියෙක්. පොලිස් නිලධාරිනියක් වෙන්න ඔබට හිතුණෙ නැද්ද?
එය ඉතා වගකීමකින් මෙන්ම කැපවීමකින් කළ යුතු වෘත්තියක්. අපි කරන දේ හරියට කරන්න  ඕනෑ. මේ දැනට කරන දේ හරියට කිරීම තමයි මගේ අරමුණ.


buttonචේතනා ඔබ හින්දි ගීතයක් සිංහලෙන් ගයනවා නේද?
වාදාරහා කියන හින්දි ගීතයට චතුරංගගෙ රචනයට සචිත් රාජපක්ෂ සිංහලෙන් එය නිර්මාණය කළා ‘‘ඉන්නම් බලා’’ යනුවෙන්.


buttonතාත්තා පොලිසියේ නිසා ඔබ ටිකක් සැරෙන්ලූ ඉන්නෙ නේද?
අපෝ නැහැ. අපේ තාත්තා පොලිස් නිලධාරියෙක් වුනාට මම කලාකාරියක්නෙ. මොකටද සැර වෙන්නෙ.


button ඒත් පිරිමි ළමුන් නම් ඔබට විහිළු කරන්න එන්නෙ නැහැලූ නේද?
ඒ කතාව නම් ඇත්ත.


buttonචේතනා ඔබට ඔබ ගැන හිතෙන්නෙ කොහොමද?
සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරමින් - සරලව ජීවත් වෙන්න කැමති කෙනෙක්. මගේ ප‍්‍රියතම තැන ගෙදරයි. වෙන කොහේ ගියත් මට වැඩක් නැහැ. ගෙදර තරම් හොඳ තැනක් ලෝකයේ කොහෙවත් නැහැ.

DSC_4780


sadun-gamage



අදහස් (0)

බයිලා චැම්පියන් වොලී බැස්ටියන්ගෙ පරපුරේ සිංදු කියන චේතනා

කෝහිනූර් Thursday, 02 October 2014 03:26 PM

එයා ඇත්තටම වොලී බැස්ටියන් පරපුරේ නම් අපේ ආචාරය! එතුමා අති දක්ෂයෙක් (නි)

:       0       0

දයරත්න Monday, 06 October 2014 06:37 AM

කෝ ඔයාගේ නිර්මාණ ලෝකෙටම එළි දක්වන්න. (නදී)

:       0       0

මුනිදාස Monday, 06 October 2014 08:17 AM

චේතනා, ඔයාත් එක්ක ඉගෙනගන්න කාලයේ කවදාවත් හිතුවේ නැහැ ඔයා මෙච්චර ජනප්‍රිය වෙයි කියලා. සුබ පැතුම් ඔබගේ ඉදිරි ගමනට! (නි)

:       0       0

සඳුනි Saturday, 04 October 2014 10:50 AM

ලස්සන ළමයෙක්,... සුබ අනාගතයක් නංගියෝ. (නදී)

:       0       0

ශ්‍රී ජිත් Saturday, 11 October 2014 06:19 AM

නියමයි, නියමයි (නදී)

:       0       0

සම්පත් Thursday, 09 October 2014 11:38 AM

හොඳයි..(අ)

:       0       0

පෙරේරා Thursday, 30 October 2014 06:38 AM

ඔබට‍ සියලුම දේවල් සාර්ථක වෙන්න මම සුභ පතනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 202 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site