IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බියගමට අලුත් පන්නයේ රෝහලක්

(අංජුල මහික වීරරත්න)

දෙස් විදෙස් සංචාරකයන්ට නවාතැන් ගෙන රෝග ප්‍රතිකාර ලබාගත හැකි නවීන පන්නයේ එය රෝහලක් බියගම කේන්ද්‍ර කරගනිමින් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව ඉදි කිරීමට නියමිත මෙම  පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම රෝහල ඉදිකෙරෙයි. මෙවැනි රෝහලක් ශ්‍රී ලංකාවේ ඉදි කරන්නේ  ප්‍රථම වතාවටයි.

වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නංවමින්   “මෙඩිකල් ටුවරිසම්” ප්‍රවර්ධනය ඉලක්කය කර මෙම රෝහල ඉදි කරන බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.



අදහස් (6)

බියගමට අලුත් පන්නයේ රෝහලක්

ගමේ එකාලා Thursday, 12 October 2023 05:14 PM

අලුත්ම පන්නයේ රෝහලක් ඉදිකරන්න යන්නේ රටේ තියෙන රෝහල්වල පහසුකම් අංග සම්පූර්ණයි කියලා හිතාගෙන වෙන්න ඇති...

:       0       3

sam Thursday, 12 October 2023 05:38 PM

විදෙස් සංචාරකයින්ට නවාතැන් ගේන රෝග ප්‍රතිකාර ලබාගත හැකි නවීන පන්නයේ රෝහලක් බියගම කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට රජය ගත් තීරණය අගය කරමු. එමෙන්ම විදේශ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හෝ සිටීම රෝග ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන විදේශිකයින්ගේ විශ්වාසය තහවුරු කිරීමට හැකිවේ....!

:       1       1

Sena Thursday, 12 October 2023 10:23 PM

හදන්න... ඒත් බියගම ජන්ද නෑ කියලා මතක තියාගන්න.

:       2       2

Nimal Friday, 13 October 2023 08:10 AM

දේශපාලුවන්ටයි, නිලධාරින්ටයි ගසාකන්න රත්තරන් ආකරයක්... අපිට නම් තවත් ණය බරක්... සාමාන්‍ය මනුස්සයාට මුකුත් නෑ...

:       2       1

ලපයා Friday, 13 October 2023 05:47 PM

අපේ රෝහල්වල බෙහෙත් නෑ... වාට්ටුවල ඇඳන් නෑ.. තියෙන බෙහෙත බාලයි... ඒවා හරිගස්සලා හිටියොත් හොඳයි...!

:       1       0

Sharm Saturday, 14 October 2023 11:30 AM

ඒ තව එක දවල් හීන කාරයෙක්.. පිනා හිතන් ඉන්නෙ එයාට රට බාරදෙන්න නේ.. මරු ඩබල.. තියන රෝහල් වලට වෛද්‍යවරු හෙදියන් සහ බෙහෙත් නැතුව කෙළවෙලා.. සුද්දන්ට මෙහෙ ඇවිත් දෙන්න යන්නේ කොත්තමල්ලි ද දන්නෑ...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site