( රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (19) දින එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතුකම්කරු කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 03 දෙනෙකු ඇතලු 12 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත්කළ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි එ.එස්.කේ. ජයසුරිය මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ තේ පදුරක් මත බැද තිබූ බඹර කූඩුවක් තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පය ගැටීම නිසා බඹරුන් ඇවිස්සී තේ වත්තේ වැඩ කරමින් සිටි පිරිසට ප්‍රහාර එල්ල කර ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේය.
පවතින අයහපත් කාළගුණයත් සමග බඹරුන් විශාල වශයෙන් තේවතුවල කූඩු බැද ඇති බවත්, අද (19) දින වතුකම්කරුවන් විශාල පිරිසකට බඹර ප්‍රහාර එල්ල වීම නිසා තේවත්තේ දළු නෙළන කටයුතු නතර කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බඹරු ඇන 12ක් රෝහලේ
hemantha Thursday, 19 June 2025 12:18 PM
මේක නිතර සිදුවන ලොකු ප්‍රශ්නයක්. මෙයාට සුදුසු ආවරණයක් පළඳින්න බැරිද? නැතිනම් ක්ෂණික දුම් අල්ලන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි.