IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බඹරගල කන්දට යටවූවන් සොයා මෙහෙයුම්

(රෝහණ සමරවීර සහ ලසන්ත නිරෝෂණ)

බලංගොඩ ගවරන්හේන බඹරගල කන්ද නාය යාමෙන් වැහින්තැන්න ගම්මානයේ නිවසක සිටියදී පස් යට මිහිදන්වී ඇති බවට සැකකරන එකම පවුලේ සිව් දෙනෙකු සොයා යුද හමුදාව සහ පොලිසිය ගම්වාසීන් එක්ව තවමත් මෙහෙයුම් සිදු කරමින් සිටිති.

එම නාය යාමෙන්   නිවාස දෙකකට අර්ධ හානි සිදුවූ අතර එක් නිවසක් එහි සාමාජිකයන් සිව් දෙනකු සමග සම්පූර්ණයෙන්ම නායට හසුවී ඇත.

හීතකැලේ සුමිත් කුමාර (47) එදිරියන් කඩවල කන්දේ දුරුගේ සිරියලතා (41) තෂාරා නවෝදී (16) මන්සා ඉසුරු (10) යන මව පියා දියණියන් දෙදෙනා එසේ පස් යට සැගවී ගොස් ඇත. කුරුව්ට යුද හමුදා කදවුරේ භට පිරිස් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් එම ස්ථානයේ කැණීම් කටයුතු සිදු කරමින් සිටිති.

නාය සමග පහළට පැමිණ එහි සිරවී ඇති ව්ශාල ගස් හා ගල් කැණීම්වලට මහත් බාධයන්ව ඇති අතර එම ගස් යාන්ත‍්‍රික කියත් උපයෝගී කරගෙන කපා ඉවත් කරමින් එම කැණීම් කටයුතු තවමත් සිදු කරමින් සිටිති.

නමුත් මේ දක්වා අතුරුන් පුද්ගලයන් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර මෙහෙයුම දිගටම ක‍්‍රියාමක කරන බව බලංගොඩ පොලිසිය පවසයි.

 



අදහස් (0)

බඹරගල කන්දට යටවූවන් සොයා මෙහෙයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site