IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිම් බෝම්බ ඉවත් කරන වැඩ 2027තෙක්

(අංජුල මහික වීරරත්න)

බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීමේ කටයුතු වෙනුවෙන් බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය 2027 දක්වා පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 

ඊට අදාල කැබිනට් පත්‍රිකාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අත්සනින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

2027 වසර වන විට ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක් කිරීමට මෙම එකඟතාවය පළ කර තිබෙන බවත් ඒ අනුව බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ අඛන්ඩව නිරත රාජ්‍ය නොවන ආයතන සමඟ ගිවිසුම් අත්සන් කර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට මෙහිදී අනුමැතිය හිමිවූ බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් අවශ්‍ය නොවන බවත් වැඩසටහන 2027 දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් වාර්ෂිකව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා ගත යුතු බවත් අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් දැනුම් දී තිබේ.



අදහස් (0)

බිම් බෝම්බ ඉවත් කරන වැඩ 2027තෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site