
(යොහාන් භාසුර)
'බිම්ස්ටෙක්' සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
'බිම්ස්ටෙක්' තුළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇති සෞඛ්‍ය සේවාවන්, මානව සම්පත් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
'බිම්ස්ටෙක්' සාමාජික රටවල් අතර ආර්ථික හා සමාජීය සංවර්ධනය ඇති කිරීම සඳහා මෙම අංශ ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා පෙන්වා දුන්නේය.
තායිලන්තයේ පැවැත්වීමට නියමිත 6 වැනි 'බිම්ස්ටෙක්' රාජ්‍ය නායක සමුළුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණ.
මෙම හමුවට 'බිම්ස්ටෙක්' සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ ආචාර්ය සාජ් යූ. මෙන්ඩිස්, අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රාර්ථනා කෞෂලියා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2498
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
’බිම්ස්ටෙක්’ මහලේකම් අගමැති හරිනි හමුවෙයි