රංගන හැකියාව මෙන්ම ගීත ගායන හැකියාවද ඔබ තියෙන බව බොහෝ දන්නා කරුණක්. ඔබ ගීත ඇල්බමයක් කිරීමට බලාපොරොත්තුවක් නැද්ද?
ගීත ඇල්බමයක් කරන්න සංකීර්ණ වෙන්නේ නැතුව ඇත්තටම මම දැනටත් එක ගීතයක් පටිගත කරලයි තියෙන්නේ. ඉදිරියේදී තවත් මම ආස පද රචනයක් මට හම්බෙලා තියෙනවා. ඒක ඇත්තටම මගේ ඉල්ලීම මතයි පද රචනය වුණේ. ඉතිං මම බෙහෙවින් ප්‍රිය කරන අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතරින් කසුන් කල්හාරට කියලා ගීතයක් නිර්මාණය කරගන්නට ආසාවක් තියෙනවා. දැන් ඒ අවස්ථාව උදාවෙලා තියෙනවා. ගීත ඇල්බමයක් කියන සංකීර්ණ සහ විධිමත් කාරණයට යනවාට වඩා යම් විදියක නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
ගීතයක් නිර්මාණය කිරීමට සඳහා ඔබ යොමුවෙන්නේ ඇයි?
මෙහෙමයි. මම රංගනය තෝරගන්න කලින් විෂයක් විදිහට පාසල් අවධියේදී සංගීත තමයි හැදෑරුවේ. ඒවගේමයි මම කාලාන්තරයක් පාසලේ අවසානයෙන් පස්සේ සංගීත කණ්ඩායමක වාදන ශිල්පියෙක් විදිහට කටයුතු කළා. ඒ කාලෙ රැල්ලට වගේ මියුසික් කරන එකට එහා ගිය වෘත්තීය විදිහට සංගීතයට මැදිහත් වෙලා හිටියා. එක්තරා තැනකදී ගමන් මාර්ග දෙක වෙනස් වුණා.
පළමු ගීතය වන 'ඔබ ආයේ දවසක' ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මගේ විවාහ සංවත්සරයක් වෙනුවෙන් තමයි ඒ ගීතය නිර්මාණය කළේ. මගේ මිත්‍රයෙක් වන තේජ ඉද්දමල්ගොඩ තමයි ඒ ගීතය නිර්මාණය කරනු ලැබුවේ. ඒක මාධ්‍යයේ ප්‍රචාරය වෙනවාට වඩා මගේ යාළු මිත්‍රයන් තමයි ඒ ගීතය වැඩිපුර අහලා තියෙන්නේ. ඒක මගේ විවාහ සංවත්සරය වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක් නිසා පොදු ලක්ෂණයක් නෙමේ. ඒක ගොඩක් පුද්ගලික ලක්ෂණ සහිත ගීතයක්. ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණා මම ඉදිරියේදී කරන නිර්මාණ සඳහා වෙනසක් වෙයි කියලා හිතනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / වීඩියෝ අනුග්‍රහය - අගස්ති ලියනගේ / Lanka Vid / Blog Video
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බිමල්ගේ මීළඟ ගීයේ සංගීතය කසුන්ගෙන්ද?