ඉදිරි වසර තුනකදී උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ස්ටර්ලින් පවුම් මිලියන 1.4 ක ආධාර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 258 ක) ආධාර ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා වන බි‍්‍රතාන්‍ය අමාත්‍ය ජොයිස් ඇනෙලේ සාමිවරිය අද (7) යාපනයේදී පැවසුවාය.
දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි ඇය අද යාපනයේ නිල සංචාරයක නිරතවූවාය.
පසුගිය වසරේ මෝල්ටාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩල රටවල රාජ්‍ය නායකයින්ගේ සමුළුවේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්‍රතිසන්ධාන කටයුතු වෙනුවෙන් ලබා දෙන ස්ටර්ලින් පවුම් මිලියන 6.6ක ආධාර යටතේ මෙම මුදල ශ්‍රී ලංකාවට ලබා දෙන බව බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන්වේ.
යාපනය සංචාරයෙන් පසු ජොයිස් ඇනෙලේ සාමිවරිය අදහස් දක්වමින් කියා සිටියේ පැවති යුදගැටුම් වලින් පසුව උතුරු පළාතේ යළි පදිංචි කරවූ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බිම්බෝම්බ ඉවත් කරලීමේ කාර්යය ඉතා වැදගත් වන බවයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බිම්බෝම්බ ඉවත් කරන්න මිලියන 250ක්