(ගයාන් සූරියආරච්චි)
බීමතින් මෝටර් රථයක් පදවා කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් හප්පා පලා ගිය රියැදුරු ඇතුළු 4 දෙනකු වත්තල හේකිත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.
රියැදුරු ඇතුළු මිතුරන් සිවු දෙනා මංගල උත්සවයකට සහභාගිවී බීමතින් නිවෙස බලා ගමන් කර ඇති අතර කොළඹ - නුවරපාරේ තොරණ හන්දිය ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් හප්පා පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
පසුව පලා ගිය මෝටර් රථය වත්තල හේකිත්ත ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රියැදුරු ඇතුළු මෝටර් රථයේ සිටි සිවු දෙනාම බීමතින් සිටි බව පොලිසිය කියයි.
එම අනතුරින් යතුරුපැදියක ගමන් කළ කාන්තාවක තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමතින් අනතුරු කළ හතරක් අල්ලයි