
(මනෝප‍්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී ඊට අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය බැංකු වලට උපදෙස් දී එලෙස වංචා කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 32කින් යුත් අධිචෝදනා පත‍්‍ර බාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.
මෙම බැ`දුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.
පොදු දේපළ පනත ඇප පනතට අදාළ වීම සහ නොවීම සම්බන්ධයෙන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දෙකට එක වශයෙන් බෙදුණු තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළත් බෙදුණු තීන්දු දෙකෙන්ම විත්තිකරුවන් රිමාන්ඞ් බාරයට පත් කිරීමට නියම කර තිබිණි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමතරව මෙලෙස රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එම සමාගමේ සේවකයින් වන , චිත‍්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර නමැත්තන්ය. මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්‍ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන් අධිකරණය ඉදිරිපත් වුයේ නැති අතර ඔවුන් විදේශගතව සැඟවී සිටින බව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප‍්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නාය.
මෙම නඩුව ලබන 23 වැනිදා යළි කැවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කෙරිණි.
(ඡායාරූප ළහිරු හර්ෂණ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පව් මීරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... ඕක තමයි කියන්නේ අනුන්ගේ වස්තුව සොරකම් නොකළ යුතුයි කියලා.
රන්ජන් කරපු වැරැද්දට දීපු දඬුවම දිහා බලනකොට මෙයාට කොහොම දඬුවමක් දිය යුතුද?
තව ඕනෑතරම් ඔය වගේ අය නිදහසේ ඉන්නවා... හිරගෙදරට යවන්න ඕනෑ අයත් රජ කරන රටේ තව කවර කතාද?
නම්බුකාරයෙකුගේ විලාශයෙන් වැජඹුණු තවත් එක්තරා භූමිකාවක්... ඒත්.. මන්ද මේ එක් පාර්ශවයක පමණක් වැරදි වලට පමණක් ඉක්මන් දඬුවම්..? ඇයි අනිත් පැත්තේ ඉන්නේ තනිකරම ශුද්ධ වන්තයින්ද? ඔවුන්ගේ කේස් මහ පුදුම ආකාරයටනේ සැඟවෙන්නේ... මෙයද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය.. අහෝ නීතියේ දෙව්දුවනි...!!!
රවී එදා ඉඳන් හොරෙන් ගත්තත්, සතියකට හරි ඇතුළට ගියාමද කොහේද?
මේවා දඬුවම් නොවේ... බයියන් චූන් කරනවා වගේ ළඟ එන මැතිවරණයට...
ආසියාවේ හොඳම මුදල් ඇමතිට වුණු දේ....
අනේ මන්දා, මේ පවතින වාතාවරණයත් එක්ක බැලුවාම, කුලියට හිරේට යන මිනිස්සුන්ගේ සීඝ්‍ර වර්ධනයක් අපේ රටේ ඇති වෙලාද කියලා වෙලාවකට හිතෙනවා... මොනවා වුණත් බන්ධනාගාර රෝහලේ ඇඳන් ප්‍රමාණය ටිකක් වැඩි කළොත් නේද හොඳ? අර හිඟන රෝගීන්ට වගේ රෝහලේ බිම නිදාගන්න පුලුවන්ද අපේ මහත්තුරුන්ට...?
මාංචු දාලාවත් නෑ. නීතිය එක එක විදිහට ක්‍රියාත්මක වෙනවා. 23 වැනිදා උසාවියට ඉදිරිපත් කරන්න අදම කියලා... ඒ කියන්නේ එදාට ඇප..
තවත් නාටකයක් කියලා...!!!
මේ අය මුහුණු වහගෙන යන්නේ ලැජ්ජාවටද? මේ පුංචි දුප්පත් රටේ මිනිස්සුන්ට වංචා කරද්දී නුඹලාට ලැජ්ජා බය දැණුනේ නැද්ද? මේ අයගේ පෞද්ගලික මුදල් වලින් හෝ එම මුදල් ආපහු අරගන්න ඕනෑ..
අපේ ගෙවල් වලට දහස් වාරයක් වැඩිය සැප තියන ගෙවල් වලයි මේ ගොල්ලන් නවත්තන්නේ. ඒ ගෙවල්වල තියෙන්නේ සුර සැප. මේවා සංදර්ශන.
දැන් ඉතින් රවීලාට උණ ගනියි... රිමාන්ඩ් එකේදී කන්න වෙයි කියලා... හොඳටම බයවෙලා...
රිෂාඩ් බදුර්දීන්ට කැලේ හිටවන්න කිව්වා වගේ තීන්දුවක් අන්තිමට ලැබේවි...!!!
විජාතිකයකු වන අර්ජුන් මහෙන්ද්‍රන් ශ‍්‍රී ලංකා මහා බැංකුවේ අධිපති බවට පත්කර, මේ වංචාවට භූමිකාව ගොඩනැගූ රනිල් මෙයට වරදකරුවෙකු නොවේද?
තවත් නාටකයක් පටන් ගත් වගයි. යහපාලනය කාලේ බැසිල් හිටපු වීදිය මතක් වුණා..
රවී මෙතන නලුවෙක් විතරයි.
ඡන්ද ගුණ්ඩු..
මේ දුප්පත් රටේ මහජන මුදල් අවභාවිතා කරන මොකාට වුණත් හොඳක් සිද්ද වෙන්නේ නැහැ කවදාවත්..
මීට වැඩිය පවුල් පිටින් එකතු වෙලා රටත් කාලා, රටම උගසට තියපු අයත් අද යස අපූරුවට ඉන්නේ...
මේ ගොල්ලෝ එල්ලුවා වගේම, සීනි බදු වංචාවේ මහ හොරුන්ටද දඬුවම් දිය යුතුයි. ඒ සමගම 2015ට පෙර කරන ලද මහාපරිමාණ වංචා හොරකම් දේශපාලන බලයෙන් වසා දැමීමට, මකා දැමීමට ඉඩ නොදිය යුතුයි. අද ඒ හොරුන් වීරයෝ වෙලා.
මේ වගේ උපන්ගෙයි හොරෙක්ව ඇතුළට දාන්න නඩු අහඅහා බොරුවට රඟන්න ඕනේ නෑ. කොහොම හොරෙක්ද කියලා ඕනෙ කෙනෙක් දන්නවනේ... කැලෑ කැපුම යට ගැසීමට කරන තවත් සෙප්පඩ විජ්ජාවක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
මේවා මොනවද කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් පළාත් සභා ළඟයි. වැඩේ අමාරුයි යන විදිහට නම්... අපරාදේ රටේ කාලය නාස්තිවෙනවා විතරයි.