IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


බැඳුම්කර හොරුන් නීතිය හමුවට ගේන්නයි කෝප් හිටපු සභාපති ඉල්ලයි

(බිඟුන් මේනක ගමගේ)

මහ බැංකු බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තා තමා අතට ගෙන ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපතිවරයා හැටියට තමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (8) පැවැසීය. 

පොදු ව්‍යාපාර කාරක සභාව හැරුණු විට වෝහාරික විගණන වාර්තා විවෘත කිරීමට මුදල් ඇමැතිවරයාට පූර්ණ බලය ඇතැයි ද ඒ අනුව මුදල් විෂය භාරව සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය නම් එම වාර්තා නිරීක්ෂණය කර අවශ්‍ය ඊළඟ පියවර ගත හැකි යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී හඳුන්නෙත්ති මහතා අවධාරණය කර කීය.

වෝහාරික විගණන වාර්තා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් විවෘත කිරීමට පැය කීපයක් තිබියදී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම නිසා බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේ යැයි කී හෙතෙම වාරාවසාන කිරීම දිනයකින් හෝ කල් ගියේ නම් අදාළ වාර්තාවල අන්තර්ගත කරුණු විමසා ගත යුතු පියවර සම්බන්ධයෙන් තීරණයක් ගත හැකිව තිබිණි යැයි පැවැසීය.

බැඳුම්කර ගනුදෙනුවේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය හිතෛශීන් ආරක්ෂා කරන බවට විශාල විවේචනයක් පැවැති පසුබිමක තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට වත්මන් ආණ්ඩුව දුන් පොරොන්දුව ඉටුකිරීමට අගමැතිවරයාට හැකි යැයි හඳුන්නෙත්ති මහතා කීය.

අදාළ වෝහාරික විගණන වාර්තා කෝප් කමිටු ලේඛනාගාරයේ ආරක්ෂිතව ඇතැයි ද නව කෝප් කමිටුවට එය පිරික්සා බැලිය හැකි යැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

මාර්තු 2 වැනිදා වනවිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ හැකියාවක් ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව ලැබෙන බැවින් නව කාරක සභාවක් පත්කර ඔවුන් මෙය විමර්ශනය ආරම්භ කිරීමට පෙර බොහෝවිට විය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (12)

බැඳුම්කර හොරුන් නීතිය හමුවට ගේන්නයි කෝප් හිටපු සභාපති ඉල්ලයි

siri Sunday, 08 December 2019 12:40 PM

නැන්දම්මගෙන්ද ඔය පේන අහන්න කියන්නේ මහත්තයෝ..?

:       154       421

Dayan Sunday, 08 December 2019 01:07 PM

මේක මාරුවෙන් මාරුවට දෙගොල්ලන්ට භුක්තියට යන දේපලක්... දෙගොල්ලන් සාධාරණව බෙදාගන්නවා. කරදරවෙන්න කාරි නෑ.

:       16       312

සංජීව Sunday, 08 December 2019 02:09 PM

මොන පිස්සුද? ඕවා මේ රටේ කවදාවත් වෙලත් නෑ, වෙන්නෙත් නෑ. ඕනෑම නම් සොක්කෝ දෙතුන් දෙනෙක්ට දඬුවම් ලැබෙයි...

:       27       216

Hafeel Sunday, 08 December 2019 02:46 PM

අඹ ගෙඩියක් වගේ ලොකු වංචාවක් නොවේ මහබැංකු වංචා. ඒ නිසා ඔවුන් නිදොස්කොට නිදහස් වේවි...!!! 

:       0       217

rohan Sunday, 08 December 2019 03:46 PM

2005 සිට 2019 වනතුරු බැඳුම්කර, දූෂණ සොයන්න කඩිනමින් කෝප් කමිටුව ශක්තිමත් කරන්න...!!!

:       0       326

saman Sunday, 08 December 2019 05:25 PM

ඔයා අවුරුදු 4ක් ක්‍රිකට් බෝඩ් එකයි, ග්‍රාමීය බැංකුව වගේ පොඩි පොඩි ඒවා අල්ලගෙන ඉඳලා දැන් එකපාරටම කෑගහන්න එපා.

:       3176       82

budMonday, 09 December 2019 07:59 AM

කටින්ද කතා කරන්නේ ? ලැජ්ජයි නොදන්නා කම.

:       0       532

de silva Sunday, 08 December 2019 11:45 PM

ඕක කෙරෙන වැඩක් නොවේ, රට පැනල ඉන්න බැදුම්කර හොරු මහා පක්ෂ දෙකේම ලොක්කෝ එක්ක හිතවත්.

:       0       69

maalaka Monday, 09 December 2019 03:01 AM

2005 ඉඳන්ම හොයනවද?

:       1       51

janaka Monday, 09 December 2019 03:54 AM

මෙම සිද්ධියට අදාලව පරීක්ෂණ නිමවා දඬුවම් ලබදෙනතුරු මෙයට සම්බන්ධව චෝදනාවලට ලක්වූ රනිල්, රවී, මලික්, ආදී හිටපු සියලු මැතිඇමති වරුන්ට රටින් පිටවීම වළකාලීමට අවශ්‍ය කටයුතු කරන මෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු සියලු කෝප් කමිටු සාමාජිකයන්ගෙනුත්, මෙරට සියලු නීති නිලධාරින්ගෙනුත් රටවැසියන් ලෙස මෙයින් ඉල්ලා සිටිමු. මෙය අද හෙටම කළයුතු බරපතල කාරණාවක් ලෙස සලකා කටයුතුකරන ලෙස ඔබ සැමගෙන් නැවත ඉල්ලා සිටිමු. එසේ නොවුණහොත් අශ්වයා පැනගියපසු ඉස්තාලය වැසුවාක් මෙන් වනු ඇත...

:       2       33

SarathMonday, 09 December 2019 06:48 AM

එහෙම නීතියක් දැම්මොත් ආණ්ඩුවේ දැන් ඉන්න අයටත් විපක්ෂයේ ඉන්න අයටත් රට යන්න හම්බ වෙන්නේ නැති වෙයි. වාර්තාව හදලා තියෙන්නේ 2002 ඉඳලා 2019 වෙනකම්.

:       0       41

jagath Monday, 09 December 2019 12:18 PM

2005 සිට 2019 දක්වා බැඳුම්කර වංචාවෙන් ලද පාඩුව කෝටි ලක්ෂ 5 ඉක්මවයි.. මේ මුදල් තරාතිරම නොබලා අයකර ගත්තා නම් ලෝකෙට ණය මුදලින් සියයට 60ක් විතර ගෙවිය හැකිය.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 383 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site