IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බැඳුම්කර වාර්තා ප්‍රසිද්ධ කරන්න නීතිපති උපදෙස් පතයි

 

 

අජන්ත කුමාර අගලකඩ

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු හෙළි කිරිම පිළිබඳව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා නීතිපති ජයන්ත ජයසුරිය මහතාගෙන් උපදෙස් ඉල්ලා ඇත.

ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාට ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන ඇලෝසියස්ගේ  සමාගමෙන් මුදල ගත් 118 දෙනකු සම්බන්ධයෙන් මේ දිනවල දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර ඔවුන්ගේ නම් හෙළි කරන්නැයි මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

එම ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ජනාධිපති ලේකම්වරයා මේ පිළිබඳව නිතිපතිවරයාගේ මතය විමසා ඇත.

මහබැංකු බැඳුම්කර කොමිසන් සභා වාර්තාවේ කොටසක් ප්‍රසිද්ධියට පත් කර ඇතත් තවත් කොටස් කිහිපයක් මේ වන විට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යවා තිබේ.

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් පිළිබඳ තොරතුරු හෙළි කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කර ඇතත් එම තොරතුරු සංවේදී තොරතුරු ලෙස සළකා වසර 30 ක් යන තෙක් ලබාදිය නොහැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර අද (1) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා බැඳුම්කර කොමිසන් වාර්තාවේ හෙළි නොකළ තොරතුරු හෙළි කළ හැකි දැයි තමා නීතිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව කීවේය.

එම තොරතුරු හෙළිකළ හැකි බව නීතිපතිවරයා දැනුම් දුනහොත් සියලු තොරතුරු අදාළ පාර්ශව වලට ලබාදෙන බවද ජනාධිපති ලේකම්වරයා කීවේය.

 

 



අදහස් (18)

බැඳුම්කර වාර්තා ප්‍රසිද්ධ කරන්න නීතිපති උපදෙස් පතයි

සමන් Friday, 01 June 2018 11:11 AM

තොරතුරු දැන ගැනීමෙ පනතට අනුව මොකද්ද මේකේ තියෙන සංවේදි කම. පනතවත් හරියට කියවන්නේ නෑනේ.

:       46       361

නිමල් Friday, 01 June 2018 11:11 AM

කොමිසම ඔය තොරතුරු හංගන්න හේතුව මොකක්ද ? ඇත්ත ඇති සැටියෙන් හොයන්නනේ කොමිසමක් පත් කලේ. කොමිසම තොරතුරු වසන් කිරීම වැරද්දක් කියලයි මම දකින්නේ.

:       2       337

charles Friday, 01 June 2018 11:55 AM

අසාධාරණය සිදු වුනේ මහජනතාවටයි.

:       0       514

Sanath KandySaturday, 02 June 2018 08:06 AM

මේවා ප්‍රසිද්ධ කලාට වැඩක් නෑ. අපේ රටේ බුද්ධිමත් ජනතාව ඊළඟ සැරෙත් දිනවන්නේ දෙපැත්තේම ඉන්න හොරු ටිකම තමා. ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තේ නැත්තේ ජවිපෙ මන්ත්‍රීවරු ටික විතරයි. එත් අපේ රටේ මිනිස්සු ඒවගේ අවංක පුද්ගලයින්ට බලය දෙන්නේ නෑ.

:       0       0

සතයපාල Friday, 01 June 2018 12:45 PM

බැදුම්කර වංචාවෙන් හොරකම් කලේ මේ රටේ මහා ජනතාවගේ මුදල් නම් ඒක හොයන්න පත්කල කොමිසන් සභාවට වියදම් කලේත් මහාජන මුදල් නම් ඒ වාර්ථාව මුද්‍රණය කලේත් මහාජනතාවගේ මුදලින් නම් ඒක ජනතාව අතට පත් කරන්න නීතිපති ගේ හෝ උසාවියේ අවසරයක් අවශ්‍ය නැහැ. මෙතන ජනාධිපති ලේකම් බොරුවට කල් මරන්න කරන විගඩමක් විතරයි තියෙන්නේ. අනික ලේඛනාධිපති සංවේදි කරුණූ මොනවද කියලා කොහොමද තීරණය කරන්නේ කාට සංවේදි කරුණුද ඔහුට සංවේදි කරුණුද අර්ජුන මහේන්ද්‍රන්ට සංවේදි කරුණුද ඇලෝසියස්ට සංවේදි කරුණුද නැත්නම් මේ 118 දෙනාට සංවේදි ඒවාද. ඒවා මේ රටේ ජනතාව දැන ගැනීමට අයිතිය නැත්නම් කාටද ඒ අයිතිය තියෙන්නේ ලේඛනාධිපතිට කවුරුද ඒ බලය පවරලා තියෙන්නේ. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවට හෝ ජනාධිපති කාර්යාලයට වලංගු නැද්ද ?

:       72       1390

RaveendraFriday, 01 June 2018 02:11 PM

සත්‍යපාල මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මේ අය හොරාකම් කලේ ඔබේ, මගේ අපේ, සියලුම පොදු මහජනතාවගේ මුදල් බැවින් එහි විස්තර දැනගැනීමට අප සියල්ලෝටම අයිතියක් තියෙන බව නොදන්නේද? ඔබ කි පරිදි මෙම කොමිසමට ඔබේ, අපේ මුදල් වියදම්කර එලි කරගත් සියලු විස්තර දැනගැනීමට නැවත වරක් අර නීතිපති, මේ නීතිපතිගෙන් අවසර ඉල්ලන්නේ අපව නැවත වරක් ගොනාට ඇඳීමට නොවේද?? දැන් බලන කල හැම කෙනාම සාමාන්‍ය පුරවැසියන්ව රැවැට්ටීම නොවේද මේ සිදුකරන්නේ?

:       1       305

සඳුන් Friday, 01 June 2018 01:41 PM

අප මේ පසුකරමින් සිටින්නේ ඉතාමත් අකාර්යක්ෂම එකිනෙකාට අවලාද කරගන්නා අදක්ෂ පාලන සමයකයි. රටේ ආර්ථික තත්වය එන්ට එන්ටම පිරිහෙනවා. බදු බරින් ජනතාව හෙම්බත් කරනවා.

:       161       1088

wimal Friday, 01 June 2018 01:51 PM

සත්‍යපාල ගේ අදහසට මමත් එකඟයි.මහජනයාට කාගේ පිහිට ද?

:       64       331

de silva Friday, 01 June 2018 02:24 PM

ඕක ඉබි යතුරු දමා අවුරුදු 30 කට වහල දමනවානම් මෙච්චර මුදලක් වියදම් කරලා ඕක හැදුවේ කුමටද ?

:       1       361

රවි Friday, 01 June 2018 03:31 PM

සංවේදී වෙලා දරාගන්න බැරිව මිනිස්සු මැරෙයි කියල දුක ඇති..

:       29       184

sam Friday, 01 June 2018 09:25 PM

මේ වාර්තාව ප්‍රසිද්ධ කල යුතුද නැද්ද කියා සොයා බැලීමට කොමිසමක් පත් කල යුතුයි. එහෙම නැතුව එක එක්කෙනාට ඕනෑ හැටියට මේවා කරන්න බැහැ .

:       15       1

Chanak Los angeles Saturday, 02 June 2018 03:24 AM

රටට සර්වබල ඡන්ද ක්‍රමය ලැබුණු දා පටන් අද වනතුරුම ඡන්ද දායකයා දේශපාලක බලවතුන්ට රැවටීමයි සිද්ධවෙලා තිබෙන්නේ. ඉදිරියටත් එසේම සිදුවේවි අනේ කාලේ වනේ වාසේ..

:       0       19

Samathasena A . Aluthgama Saturday, 02 June 2018 04:10 AM

හොරකමෙන් වුන පාඩුව පියවා ගැනීමට මුදල් සහ දේපළ තහනම් කොට තිබියදී ,මේ සල්ලි වියදම් කොට දැමු කොසමේ වියදමත් ගියේ ජනතාවගේ ගිණුමට. ඒත්,මේ කොමිසම අල්ලාගෙන තම දේශපාලන හතුරාට හොඳහැටි පහර දුන් හැටි අපට මතකයි. ඒත් තාමත් ඒකෙ ඉවරයක් නැහැ. කොමිසම තියා තවත් සල්ලි නාස්ති නොකොට මෙය අධිකරණයට දැම්මානම් මෙලහකටත් වැඩේ අවසන් වෙලා.

:       63       197

padmini Saturday, 02 June 2018 05:13 AM

ඔය නම් ලැයිස්තුව මේ කපේදී දැනගන්ට ලැබෙන්නේ නැහැ. ලබන මැතිවරණයේදී ඔය නම් 225 ම අයින් කරන්ට බලය තියෙන්නේ රටේ මහජනතාවටයි.

:       0       47

SRIYAL Saturday, 02 June 2018 08:57 AM

හොරු ආරක්ෂා කිරීමට කවුරුත් ඡන්දෙ දීලා නෑ

:       0       0

naradha Saturday, 02 June 2018 11:44 AM

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් තමන්ගේ අභිමතය මත පමණක් මේ 118 දෙනා පිලිබඳ දත්ත ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට යැව්වා යයි සිතිය නොහැකියි. අනිවාර්යයෙන්ම, මෙවැනි දෙයක් ලේකම්වරයා කර ඇත්තේ ඔහුට ඉහලින් ආ නියෝගයක් මත විය යුතුයි.

:       0       0

kalani Sunday, 03 June 2018 05:21 AM

යහපාලනය, මානව ධර්මතා සිඳීගිය තැතිගත් සමාජයක අපි ජිවත් වෙන්නෙමු. චෞර කප්පිත්තන් මහජන දේපොළ කිසිදු ලැජ්ජාවකින් තොරව සොරකම් කරති. ඒවා සොයන්නට කොමිසම පත් කරති. කොමිසමේ නිර්දේශ රාජ්‍ය ලේඛනාගාරයේ තැන්පත් කර , ඒවා සංවේදී බැවින් ජනතාවට දුක සිතෙන බව පවසති. ණය බර උසුලා ගැනීමට බැරියයි ජනතාවට කරුණු කියති. අපි මහත් ප්‍රීතියෙන් අත්පොඩි ගසන්නෙමු. දියවන්නාවේ ආර්ය සිංහල සුදු ඇඳුම, යුරෝපිය ඇඳුම දීප්තියෙන් බබලයි. රජයත් ඔවුන්ගේය. අධිකරණයත් ඔවුන්ගේය. පොලිසියත් ඔවුන්ගේය. හිර කූඩුව පමණක් අපේය.

:       0       0

සෙනෙවි Monday, 04 June 2018 01:18 PM

පොර මොත්තයක් දානවා වගේ පේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site