IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බැඳුම්කර ගනුදෙනුවලදී අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා කියයි

 ( තිළිණි ද සිල්වා සහ ආරියරත්න රණබාහු  )
බැඳුම්කර ගනුදෙනුවලදී ඊට කෙලින්ම සම්බන්ධ පාර්ශවයක් කිසියම් අලාභයක් කර ඇත්නම් රජයට එම පාර්ශවයෙන් අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා අද (07) ලිඛිතව පාර්ලිමෙන්තුවට දන්වා තිබේ.

මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කළ විමසීමට පිළිතුරු ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා මේ බව නිර්දේශ කර ඇත.

නීතිපතිවරයා විසින් නිකුත් කළ එම ලිපියේ දැක්වෙන්නේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණයක් කිරීම සඳහා පොලිස් පැමිණිල්ලක් අත්‍යවශ්‍යය  බවයි. දැනටමත් මහ බැංකු අධිපතිවරයා එම පැමිණිල්ල කර ඇති බැවින් කඩිනම් විමර්ශනයක් කර කරුණු වාර්තා කරන්නැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇති බව නීතිපතිවරයා පවසයි.

කෝප් වාර්තා පිළිබඳව නීතිපතිවරයා එවූ ලිපිය කථානායකවරයා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. නීතිපතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ, පාඩු අය කර ගැනීමට පෙර අධිකරණයක් ඉදිරියේ එය සාධාරණ අයුරින් ගණනය කළ යුතු බව ය.



අදහස් (1)

බැඳුම්කර ගනුදෙනුවලදී අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා කියයි

රොමේෂ් Tuesday, 07 March 2017 03:47 PM

පාඩු අය කරගෙන විතරක් මුන්ට දඬුවම් නොකර ඉන්න වගේ කල්පනාව. පාඩුව අය කරගෙන විතරක් ආ මදි ආයේ වෙන කාටහරි වුනත් මේවගේ හොරකමක් කරන්න බය හිතෙන විදිහේ දඬුවමක් දීම අනිවාර්යෙන් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31339 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13559 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11007 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 959 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 282 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site