IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බැඳුම්කර කොමිසම තවත් මාස තුනක් ඉල්ලයි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පො‍ළ)

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සුදානමක් ඇතැයි වාර්තාවේ.

භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමේදී හා එයට අදාළව සාක්කි විමසීමේදී අමතර කරුණු හෙළි වීම නිසා මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීමට සිදු වීමත් කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් නිසා කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමට මෙලෙස බලාපොරොත්තු වන බව වාර්තා වේ.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද්දේ පසුගිය පෙබරවාරී මාසයේදීය.

ඉන් අනතුරුව අවස්ථා දෙකකදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මාස තුන බැගින් කොමිසමේ කාලය දීර්ඝ කරන ලද අතර දෙවැනි වරට දීර්ඝ කරන ලද කොමිසමේ කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මෙම කොමිසමේ කටයුතු මේ මස 27 වැනිදාට පෙර අවසන් කිරීමට කොමිසම සැලසුම් කර තිබුණත් කොමිසමේ සාක්කි විමසන අතරතුර මෙම සිදිධීන් වලට අදාළ තව  තවත් කරුණු හෙළි වීම නිසා එම සිද්ධීන් සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීමට සිදුවීමෙන් මෙම සිද්ධියේ විමර්ශන කටයුතු කළින් සැළසුම් කළ ආකාරයට අවසන් කර ගැනීමට නොහැකි  වු බවද වාර්තා වේ.

 



අදහස් (6)

බැඳුම්කර කොමිසම තවත් මාස තුනක් ඉල්ලයි

ajit Monday, 16 October 2017 06:19 AM

අවසානයේදී දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරය් වෙන්නේ .. පුදුම රටක්

:       31       57

Saman Monday, 16 October 2017 06:55 AM

මෙතෙක් කාලයකට තිබිච්ච විනිවිදභාවය වැඩිම ජනාධිපති කොමිසම. ඒ හින්දම මේක ගැන මිනිස්සු වපර ඇහින් බලන්න පුළුවන්. හැබැයි මේ කොමිසම අනාවරණය වෙච්ච දේවල් කොප්කාරක සභාවේ වත් අනාවරණය වුනෙ නැහැ. මේ විදියට කොමිසමක් නැතුව කෙලින්ම උසාවි ගියා නම් එකම එක බැදූම්කර නිකුතුවක් ගැන විතරක් බලල තින්දූවක් දෙයි. හැබැයි දැන් මේ කොමිසම අලගිය මුලගිය හැම දේම අහන්න බලනව. ඒ හින්දම තමයි මුදල් ඇමති මාරු වුනෙත්. අනික මෙම කොමිසමෙන් 100% හරි ප්‍රථිපල ලැබුනේ නැති වුනත් මේ හරහා දැන් වෙනකොටම මහජනතාවට ගිය පණිවිඩය ඊට වඩා සිය දහස් ගුණයක් වටිනවා. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මෙම කොමිසමට වඩා හොඳට මහජනතාව දැනුවත් වුනු මීට වඩා හොඳට මෙච්චර මහන්සි වෙලා කරුණු අනාවරණය වෙච්ච එකම අධිකරණ ක්‍රියාමාර්ගයක් අපෙ රටේ පෙන්වන්න බැහැ. මම නම් මෙම කොමිසමට සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුති කරනවා රට වෙනුවෙන් කරපු අයිතිහාසික සේවයට.

:       4       1212

janesh Monday, 16 October 2017 07:03 AM

ඔය හදන්නේ කරපු හොරකම් සේරම යටගහන්න ක්‍රමයක් හොයන්න. ඕවට ඉඩ දෙන්න කොහෙත්ම හොදනැහැ

:       45       15

de silva berlin Monday, 16 October 2017 07:37 AM

ඔය කොමිසම තව මස 3 දිගු කරන්න. නමුත් දැනට තිබෙන සාක්ෂි මත චූදිතයෝ අත්අඩංගුවට ගෙන නඩු පවරන්න. ඉස්සරහට තව හොරකම් සොයා ගත්තොත් ඒවාට වෙන් වශයෙන් අලුත් නඩු පවරන්න. කොමිසම දිහාම බලාගෙන චුදිතයින්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරන එක නම් තව දුරටත් කල් දමන්න එපා.

:       100       311

ලුම්බිණි Monday, 16 October 2017 07:45 AM

මට නම් මේක දේශපාලන අතීසාරයක් වගෙයි. වෙච්ච දෙයක් නැහැ. දඬුවම් කරපු කෙනෙක් නැහැ. මේවාට උපදෙස් දුන් නිලධාරීන්ට කිසිම කරදරයක් නැහැ. කරන දෙයක් ඉක්මනින් කරන්නකෝ.

:       73       102

hafeel Monday, 16 October 2017 08:34 AM

ඊළඟට පැවැත්වීමට නියමිත ප්‍රධාන මැතිවරණය වෙනකම්, එක පාරටම දීර්ඝ කරලා දුන්නා නම් හොඳයි. එ්ක තමයි වෙන්නේ...

:       17       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 60 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2014 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site