IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බන්ධනාගාරෙට වාහන 58ක්

(අංජුල මහික වීරරත්න)

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා බස් රථ, වෑන් රථ, ගලි බවුසර් සහ ට්‍රැක්ටර් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ විවිධ අධිකරණ විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් සහ දඬුවම් පමුණුවනු ලබන විත්තිකරුවන් සම්බන්ධයෙන් අධිකරණ සමඟ සෘජුව සම්බන්ධ වෙමින් රාජකාරි ඉටු කිරීමේදී සහ එකී රැඳවියන්ගේ සුඛ සාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වාහන පහසුකම් සපයා ගැනීමේ අවශ්‍යතාව මතුව තිබේ. 

ඒ අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ආසන 44 බස් රථ 30ක්, ආසන 30 බස්රථ 10ක්, වෑන් රථ 10 ක්, ගලි බවුසර් 05ක් සහ ට්‍රැක්ටර් 03 ක් මිල දී ගැනීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය යටතේ ලංසු කැඳවනු ලැබ ඇත.

ඒ සඳහා ලංසුකරුවන් 8 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, එකී ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා වාහන මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය පහත සඳහන් පරිදි පිරිනැමීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බන්ධනාගාරෙට වාහන 58ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site