මහනුවර දිගන වික්ටොරියා ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී 15 වැනි වරටත් පැවති ඩොනල්ඞ් ස්ටීල් ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බිනූප විජේසිංහ සමත්විය.
ස්ටේබල්ෆඞ් ක‍්‍රමය අනුව පැවැති මෙම තරගාවලියේදි ප‍්‍රසාද ලකුණු 34 ක් ලබාගත් බිනුප තරගය ජයගත් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ලකුණු 30 ක් සහ 28 ක් ලබාගත් දිනාගත් සෆීර් සිකන්දර් සහ ලලිත් රෝහිත දිනාගත්හ.
ශී‍්‍ර ලංකාවේ සිටින දක්‍ෂතම යොවුන් ගොල්ෆ් කී‍්‍රඩකයකු වන බිනූප 2005 වසරේදීත් ඩොනල්ඞ් ස්ටීල් ගොල්ෆ් තරගාවලියේ ශූරතාවයටද හිමිකම් කී අතර ඉන් පසුව ඔහුට වසර 7 ක කාලයක් ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත ව සිටීමට සිදුවිය.
කාන්තාවන් වෙනුවෙන් පැවති පෑම් ප‍්‍රනාන්දු ශූරතාවලිය ජය ගැනීමට ස්වෙන් සෙල්වරත්නම් සමත්වූ අතර ඇය ප‍්‍රසාද ලකුණු 23 ක් ලබාගත්තාය. එහි අනුශූරතාවය හිමිකරගත් නිලූ ජයතිලක ප‍්‍රසාද ලකුණු 20 ක් ලබාගත්තාය. නිලූ මින් පෙර පැවති තරගාවලි 4 කම ශුරතාවය දිනාගත් කී‍්‍රඩිකාවකි. ප‍්‍රසාද ලකුණු 19 කින් තරගය අවසන් කරමින් තෙවන ස්ථානය දිනාගත් මනෝරි ජයකොඩි ඇයට හොඳ තරගයක් ලබා දුන්නාය. මෙය මනොරිගේ හොඳම තරග නිමාකිරීම ලෙස හැදින්විය හැක.
එටිසෙලාට් ලංකා සමාගමේ අනුග‍්‍රහය සහිතව වික්ටොරියා ගොල්ෆ් කී‍්‍රඩා සමාජය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය සඳහා මෙවර දේශීය හා විදේශීය ගෝල්ෆ් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 125 ක් සහභාගී වූහ.
(**)
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
864
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිනුප - ස්වෙන් ඩොනල්ඞ් ස්ටීල් ගොල්ෆ් ශූරතා දිනති