IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොන්න වතුර නැත්නම් 117ට කියන්න

 

(යොහාන් භාසුර)

රටතුළ පවතින වියළි කාලගුණ තත්වයත් සමඟ පානීය ජල සපයා ගැනීමේ ගැටලු ඇති ප්‍රදේශවල ජනතාව වහාම 117ට ක්‍ෂණික දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දැනුවත් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

එවැනි ප්‍රදේශවල ජනතාව අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගෙන එම දැනුම් දීම කළ යුතු බවත් එවැනි ප්‍රදේශවලට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන සහ ජල ප්‍රවාහන ඒකක එක්ව ජලය සැපයීමට කටයුතු කරන බවත් කොඩිප්පිලි මහතා කීය.

ජල සම්පාදන මණ්ඩලයේ ජලය සැපයුම කිසියම් ප්‍රදේශයකට නොලැබුණොත් එම මණ්ඩලයේ 1939 යන ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් පාවිච්චි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය පැවසුවාය.



අදහස් (1)

බොන්න වතුර නැත්නම් 117ට කියන්න

කිරිඇල්ලේ බුදුහාමුදුරුවෝ Saturday, 16 March 2024 09:55 AM

අවුරුදු 54 ක් එක ප්‍රදේශයක පැරෂුට් ක්‍රමයට කෙනෙක් මන්ත්‍රී වෙලා ඉන්නවා.. මේ පුද්ගලයා එක රත්නපුර දිස්ත්‍රික්කයේ 2019 න් පස්සේ කෝටි ගණනක් වියදම් කරලා ජලනල එලීමක් කර අරගලය වෙලාවේ නතර කරලා පැනගියා ඇත්තටම මහලොකු සමාජවාදියෙක් කියාගන්න. ඒ මනුෂ්‍යයා දැන් ඒ ජනතා මුදල් නාස්තිය ගැන කිසිම හැඟීමක් නැහැ. වැඩේ අවසන් කළේත් නැහැ. ඒ අතර කියන්න ඕනෑ ඒවාගේ කෙනෙක් වුණත් කිසිම ලැජ්ජාවක් නැති ඒ දිස්ත්‍රික්කයේ මිනිස්සු දැනුත් ඒ මිනිහට මල් පහන් පූජා කරන ගතියක් තියෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1002 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site