IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බන්ධනාගාර නියාමක ඝාතන තැත වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගාල්ල බන්ධනාගාරයේ රාජකාරිය කරන බන්ධනාගාර නියාමකවරයෙකු ගමන්ගත් බස් රථයකට වැලිගම නගරයේ දී කඩා වැදුණු  පුද්ගලයින් කණ්ඩායමක් අතර සිටි එක් පුද්ගලයෙකු ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමක වරයාට වෙඩි තබා ඝාතනය කිරීමට කළ  උත්සාහය බස් රියේ සිටි පිරිසගේ විරෝධය මැදිහත්වීම මත නූලෙන් වැළකී ගිය බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

කෙසේ වෙතත් පහර කෑමකට ලක් වූ මෙම බන්ධනාගාර නියාමකවරයා මාතර රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම බන්ධනාගාර නියාමකවරයා රාජකාරි කටයුතු අවසන් කර නිවස බලා යාමට බස් රථයක ගොඩ වී ගමන් කරමින් සිටින අතර වාරයේවැලිගම නගරයේ දී පුද්ගලයින් 6 දෙනෙකු ගෙන් පමණ දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම බස් රථයට ගොඩවී නියාමක වරයාට පහර දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙම නානඳුන කණ්ඩායමක් අතරේ සිටි එක් පුද්ගලයෙක්  ටී-56 ගිනි අවියකින් බන්ධනාගාර නියාමකවරයා ට වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන  අවස්ථාවේ මගීන්ගෙන් ඊට දැඩි විරෝධතාවයක් එල්ල වූ නිසාඑම පිරිස බස් රථයෙන් බස්රථයෙන් පැන  පලාගොස් ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

පහරකෑමට ලක්වූ බන්ධනාගාර නියාමකවරයා  මාතර රෝහලට ඇතුළත් කර ඇත.

 

 

 



අදහස් (2)

බන්ධනාගාර නියාමක ඝාතන තැත වරදී

Samantha Sunday, 06 August 2023 02:40 PM

බන්ධනාගාරයේ සමහර නිලධාරීන් ඉන්නවා ඇතුලේදී චණ්ඩි වගේ හැසිරෙන්නේ... හිරකාරයින්ට ගහනවා... සමහරු කතා කරන්න දන්නේ නෑ... රිමාන්ඩ් එකට එන හැමෝම වැරදිකාරයෝ නෙවෙයි... රිය අනතුරු වගේ සුලු වැරදි වලටත් එනවා... සිර කරුවන්ට, සැකකරුවන්ට පහරදීම හෝ දඬුවම් දීම බන්ධනාගාර නිලධාරීන් ගේ රාජකාරියක් නෙවේ... උසාවි නියෝගය අනුව දඬුවම ක්‍රියාත්මක කිරීම තමා එයාලගේ වගකීම... බන්ධනාගාරයේ දී පහරදීමක් වුණොත් ඒ හා සමානම පහර දීමක් ඔවුන්ටත් කළයුතුයි. නීතියෙන් යන්න ඕනෑ නෑ. මොකද නිලධාරීන් දැනදැන මනේ නීතිය කඩන්නේ... වැඩ ඇරිලා එනකොට ඒ වගේම දඬුවමක් එයාලාට දුන්නා නම් ඉබේම හැදෙනවා.

:       9       4

Bunny Preena Monday, 07 August 2023 10:19 AM

එකෙකු දෙන්නෙකු හැරෙන්න ඔක්කොම දූෂිතයෝ මල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site