IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බන්ධනාගාර ගැටුමේ වාර්තාව අගමැතිට

2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ විශ‍්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටු වාර්ථාව පසුගියදා පාර්ලිමේන්තුවේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාර දුන්හ.

එම පරීක්ෂණ වාර්ථාව මඟින් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මිය ගිය හා තුවාල ලැබූ තැනැත්තන්ගේ පවුල් වලට වන්දි ලබා දීම නිර්දේශ කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ‍්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක මහතා හා විශ‍්‍රාමලත් පරිපාලන නිලධාරී නීතිඥ එස්. කේ. ලියනගේ මහතා කටයුතු කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය කියයි.

  මියගිය හා තුවාල ලැබූ තැනැත්තන්ගේ පවුල් වලට වන්දි ලබාදීම නිර්දේශ කර ඇත්තේ ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ගැටුම් ඇති නොකළ,  තුවාල ලැබූ හෝ මිය ගිය රැඳවියන් සඳහා පමණක් ය.

මේ සිද්ධිය නිසා අයුක්ති සහග ලෙස දඩුවම් පමුණුවා ඇති රැඳවියන්ට සහන සැලසීම පිණිස එම අයුක්ති සහගත දණ්ඩන නියමයන් සමාලෝචනයට භාජනය කළ යුතු බව මෙම තී‍්‍රපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.

 පරීක්ෂණ වාර්ථාව පෙන්වා දෙන ආකාරයට ඇතැම් පොලිස් නිලධාරීන්ට චෝදනා පත‍්‍ර භාරදීමේදී යුක්ති සහගත හා සාධාරණත්වය පිළිබඳ අවධානයක් යොමු කල යුතු බව පෙන්වා දෙන කමිටුව, පොලිස් නිළධාරීන්ට අයුක්ති සහගත ලෙස දඩුවම් පමුණුවා ඇති බව ද කොමිසමේ අදහස වී තිබේ.

ත්‍රිපුද්ගල කමිටුව රැඳවියන්ට ලඟා විය නොහැකි ස්ථානවල අවි ගබඩා ස්ථාපිත කිරීම, බන්ධනාගාර කාර්ය මණ්ඩලයට යෝග්‍ය අවි ආයුධ සැපයීම, වැඩි දියුණු කරන ලද බන්ධනාගාර ආරක්ෂක පද්ධතියක් හඳුන්වා දීම, අධිකරණ වෛද්‍ය විද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා දියුණු වැඩපිළිවෙලක් හඳුන්වා දීම, බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණය අඩු ජනාකීර්ණ ප‍්‍රදේශවල ස්ථාපිත කිරීම, රජයේ රසපරීක්ෂණ දෙපාර්තුමේන්තුව දියුණු කිරීම ආදී නිර්දේශයන් ගණනාවක් මෙම තී‍්‍රපුද්ගල කමිටුව විසින් පෙන්වා දී ඇති අතර එම නිර්දේශයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින්  අවශ්‍ය පියවර ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත



අදහස් (0)

බන්ධනාගාර ගැටුමේ වාර්තාව අගමැතිට

කවින්ද Friday, 26 June 2015 12:25 AM

ඇත්ත. සිරකරුවන්ද මනුෂ්‍යයෝය (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 25 June 2015 10:47 AM

කිසිම අහිංසකයෙක් හෝ ගැටුම් වලට සම්බන්ධ නොවූවෙක් මේ සිදුවීමේදී මිය ගියේ නැහැ. (ර)

:       0       0

රණසිංහ Thursday, 25 June 2015 11:06 AM

එතකොට මේ අය අතින් උන වැරදි ? (ර)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 25 June 2015 12:14 PM

කිසිම අහිංසකයෙක් හෝ ගැටුම් වලට සම්බන්ධ නොවූවෙක් මේ සිදුවීමේදී මියගියේ නැතිබවයි මගේ හැඟීම. (නි)

:       0       0

විජේතුංග Thursday, 25 June 2015 12:15 PM

සිරකරුවෝද මනුෂ්‍යයෝය! (නි)

:       0       0

නිහාල් Thursday, 25 June 2015 01:03 PM

මට නම් පෙනෙන්නේ බන්ධනාගාර ගැටුමෙන් පසු රටේ තිබු තර්ජන ගර්ජන හා එකිනෙකාට දිගුවූ චෝදනා කිසිවක් මීට ඇතුළත් නැතිබවයි. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 25 June 2015 03:10 PM

නරකද විජේතුංග මහත්තය ඔය හිරේ ඉදල එන කාත් කවුරුවත් නැති අයි ආර් සි කාරයෙක් ගෙදර ගෙනිහින් දරු කමට හදා ගත්තනම්.(අ)

:       0       0

නෙතුක Thursday, 25 June 2015 04:33 PM

ඇයි දැන් මේ පරණ දේවල් ගැන හාරා අවුස්සන්නේ? (නි)

:       0       0

තිස්ස Thursday, 25 June 2015 06:34 PM

මටත් මතකයි මේ සිද්ධිය... (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 28 June 2015 08:23 AM

සිරකරුවොත් මනුස්සයෝ තමයි .නමුත් එකිනෙකාගේ ක්‍රියාකලාප හේතුවෙන් තමයි මේ මනුස්සයාගේ අමනුස්සකම් ඉස්මතුවෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 84 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 939 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site