බූන්දල ජාතික වනෝද්‍යානයෙන් එළියට ආ වල් අලියෙක් තංගල්ලේ නොටොල්පිටිය දක්වා පැමිණ ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. ඔහු පවසන පරිදි මේ අලියා දැනට කිලෝ මීටර 40ට වැඩි දුරක් ගම්මාන හා කලපු පරිසරය මැදින් පැමිණ ඇත.
ජනාකීර්ණ ප්‍රදේශයක් හරහා තංගල්ල දෙසට ගමන් කරමින් සිටින අලියා යළි වනෝද්‍යානයට පළවා හැරීම දුෂ්කර බැවින් නිර්වින්දයන කැර ඇල්ලීමට කටයුතු කරන බව වෛද්‍ය ධර්මකීර්ති පවසයි. වගුරු සහිත පරිසරයේ දී අලියා නිර්වින්දනය කිරීමට අපහසු බව ඔහු කියයි.
බුන්දල සිට උස්සන්ගොඩ, කලමැටිය, රැකව හරහා නොටොල්පිටිය දක්වා අලියා පැමිණ ඇති බව වනජීවී නිලධාරීහු කියති. මේ මාර්ගය අදින් වසර ගණනාවකට පෙර අලි ඔබ මොබ ගිය මඟක් බවට ලිඛිත සාක්ෂි පවා ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
බූන්දල අලියා පරණ අලි මංකඩ දිගේ තංගල්ලට
චමිලා Monday, 02 June 2014 09:01 PM
අලියට වෙන යන්න පළාතක් තිබුණෙම නැද්ද තංගල්ලටම ගියේ? අහිංසක අලියා පවු! (නි)
රජින්ද Monday, 02 June 2014 01:10 PM
මිනිස්සු දුෂ්ඨ විදිහට මේ අහිංසක සත්තුන්ගේ භුමිය වනසනවා. ඒ නිසයි මේ සත්තුන් නිසා මිනිස්සු මළත් දුකක් නැත්තේ. මොකද මිනිස්සු හැමදේම විනාශ කරනකොට දැනගන්න ඕන ඒවා තමන් පස්සෙත් පන්නන බව.(නදී)
දසනායක Monday, 02 June 2014 02:06 PM
රජින්දගේ කතාව සහතික ඇත්ත. (ස)
සිරී Monday, 02 June 2014 02:26 PM
රජින්දගේ කතාව හරියටම හරි. ගම බිම් සහ වන රක්ෂිත වෙන් කර උසස් ප්‍රමිතියකින් යුතු සවිමත් විදුලි වැටක් සවිකර එය නිසිපරිදි නඩත්තුකිරීම තමා හොඳම පිළියම. ඒ හරහා මුදල් ගසා කෑම නොවේ. (නදී)
සම්පත් Monday, 02 June 2014 03:36 PM
මේක මහා හතර බීරි කතාවක් කැළේ කපන අය පරිසරය විනාස කරන අයටමද වල අලි පහර දෙන්නේ. ඒවා කරන උදවිය පැත්තක අලින්ගෙන් ගුටි කන්නේ ගම්වල අහිංසක මිනිස්සු (නදී)
පිටබැද්දර ජයා Monday, 02 June 2014 03:46 PM
ගංගා ඇල දොලට වගේම අලින්ටත් තමන්ගේ පරණ නිජබිම් වගේම ගමන් මාරගයත් හොඳට මතකයි , අපිටනේ සතියෙන් දෙකෙන් හැමදේම අමතක වෙන්නේ (නදී)
කැනඩා දිසා Tuesday, 03 June 2014 09:26 AM
රජින්ද , ඔය හරියටම හරි .උසස් අදහසක් දැක්වීම ගැන ඔයාට ස්තුතියි. (ස)