IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’බන්ඩි’’ යෙදීම අනිවාර්ය කරයි

(අංජුල මහික වීරරත්න)

වී වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත්  අතර පවතින ගොයම් කහ පැහැ ගැනීම වලක්වා ගැනීම සඳහා බන්ඩි පොහොර හෙවත් MOP පොහොර අනිවාර්යයෙන්ම යෙදිය යුතු යැයි කෘෂිකර්ම පොර්තමේන්තුව පවසයි.

දැනට වාර්තා වී තිබෙන ගොයම් කහ පැහැති වීමට ප්‍රධාන හේතුව පෝෂණ ඌනතාවන් නිසා සිදුවන්නක් බවද කන්න කිහිපයක් නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් නිසි පරිදි වී වගාව සඳහා ක්ෂේත්‍රයට නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 

ගොයම් ගසේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂණ සංඝඨක නොමැතිවීම නිසා  ඇතැම් ප්‍රදේශවල වී වගාව පෝෂණ ඌනතාවයට ලක්ව තිබෙන බවද  එම නිසා වගා කිරීමෙන් පසුව සති 04ත්, 06ත්, අතර පවතින වී වගාවන් සඳහා බන්ඩි පොහොර යෙදීම මගින් මෙම පෝෂණ ඌනතාවය නිසා ගොයම් කහ පැහැතිවීම වලක්වා ගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

දැනට සමස්ත වී වගාවෙන් සියයට 10ක පමණ ප්‍රමාණයක ගොයම් කහ පැහැතිවීම දක්නට ලැබෙන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර  කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම සඳහන් කරන පරිදි මෙතෙක් එම සමාගම් විසින් බෙදාහරින බන්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙතෙක් ගොවීන් වීසින් මිල දී ගෙන තිබෙන්නේ සියයට 10ක් පමණ ප්‍රමාණයකි.



අදහස් (2)

’’බන්ඩි’’ යෙදීම අනිවාර්ය කරයි

දිමුත් Tuesday, 17 January 2023 03:50 PM

"කාබනික විරුවාගේ" තීරණවලට ගොවීන් තාමත් වන්දි ගෙවන අයුරු.

:       1       1

Lalith M Tuesday, 17 January 2023 04:07 PM

අතන මෙතන රතන හිමි, පාදෙනිය ප්‍රමුඛ අනාගත්ත රජ බලකාය රටට කල විනාශයේ තරම දැන්වත් අවබෝධ වෙනවාද? අනික වී වගාවට විතරද පොහොර භාවිතය. පොල් වතු විනාශ වෙනවා පොහොර භාවිතය නැතිව. ඊළඟට පොල් ආනයනය කරන්න වෙලඳ ඇමති ඉල්ලීම කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site