(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වී වගා කරන සෑම ගොවියකුටම බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ. එච්.එම්. එල්. අබේරත්න මහතා පවසයි.
මහ කන්නයේ දී ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවට බණ්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 1000ක් ලබා දීමට එකඟතාවය පළ කර ඇති අතර එම මුදල යොදා ගනිමින් මෙම සහනාධාරය දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙවර මහ කන්නයේ දී බණ්ඩි පොහොර හෙවත් Muriate of Potash (MOP) පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති අතර ඒ සඳහා ආසියා සංවර්ධන බැංකුව ලබා දී ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 40කි.
2021 මහ කන්නයෙන් පසු වී වගාවට බණ්ඩි පොහොර ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් සෑම වී වගා කරන ගොවියෙකුටම අවශ්‍ය බණ්ඩි පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොහොර බෙදාහැරීම් බාරව කටයුතු කරන සියලු නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ලෝක වෙළෙද පොළේ MOP පොහොර මිල අධික බැවින් ගොවීන්ට මෙම පොහොර මිල දී ගැනීමේ දී කිසියම් සහනයක් සැලසීමේ පියවරක් අනුගමනය කළ යුතු යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
එම කාරණය සැළකිල්ලට ගනිමින් ආසියා සංවර්ධන බැංකුව වී වගා කරන ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් කෝටි 1000ක මුදලක් ලබා දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බන්ඩි පෝර ගන්න ගොවීන්ට රු: 10,000 සහනාධාරයක්
Bamunuarachchi Thursday, 20 October 2022 02:21 PM
ආණ්ඩුවෙන් සාහනාදාර අරගෙන අස්වැන්න මෝල් කාරයාට විකුණයි. සහනාදාර දෙන්න ගිය අස්වැන්න රජයට විකුනපු කුවිතාන්සි පෙන්නුවාම.
nimal Thursday, 20 October 2022 05:47 PM
නොමිලයේ පොහොර ලබා නොදිය යුතුවේ. රජය තිබෙනුයේ පොහොරවල ප්‍රමිතිය සහ පොහොර අවශ්‍ය ප්‍රමාණයට තිබේද යන්න සොයා බැලීමට සහ මිල පාලනය කිරීමට වේ.