IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘බැනට් කුරේ සතුටින් එයි‘

වසරකුත් මාස තුනක තම සේවය හාමාරකිරීමට කාලය එලැඹ ඇතැයි ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බෙනට් කුරේ මහතා එසැණට පැවසීය. තානාපති සේවයේ දේශපාලන පත්වීම් ලැබුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නව රජය තීරණය කිරීමත් සමග තමා ලංකාවට කැඳවා ඇතැයි ඔහු කීවේය.

‘මම එනකොට ඉතාලියේ ශ්‍රී ලාංකිකයින් දේශපාලන වශයෙන් යම් තරමට බෙදිලයි හිටියේ. ඔවුන් අතරට දේශපාලනය නොගෙනිහින් ඔවුන්ව සමඟ කරන්න මට පුළුවන් වුණා. මම හැමෝටම ඇහුම්කම් දුන්නා‘.

ජංගම සේවය නැවතිලයි තිබුණෙ. නැවත පටන්ගත්තා. බ්‍රාහස්පතින්දා හවස් වරුවේ රෝමයේ ශ්‍රී ලාංකිකයනට නිවාඩු නිසා මම තානාපති කාර්යාලයේ සේවය ඔවුන් වෙනුවෙන් වෙන් කළා.ලංකාවේ සංස්කෘතිය, සංවර්ධනය, සංචාරක විව්‍යාපරය ගැන ලියවුණු පුවත්පතක් සිංහල ඉංග්‍රීසි ඉතාලි හා දෙමළ භාෂාවලින් මසකට වරක් නිකුත් කරන්න මට පුළුවන් වුණා. පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් සැසිවාරය අතරතුර ජිනීවා මානව හිමිකම් ආසියානු කලාපය භාර අධ්‍යක්ෂක හමු වී සාකච්ඡාවක් පැවැත්තුවා. යුරෝපා ත්‍රස්ත විරෝධී සංවිධානයේ ප්‍රධානියා හමු වී යුරෝපයේ කොටි ත්‍රස්තවාදීන් පිළිබඳව දැනුවත් කළා. ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ පොදු උත්සව වලට පෞද්ගලික වියදම් කරමින් මමත් මගේ නෝනත් සහභාගී වුණා අවස්ථා අනන්තවත් තිබුණ. ඉතාලියේදී දේශපාලන කළේ නැහැ. මම සතුටින් නැවත මගේ රටට යනවා. ‘ජනතාවගේ කැමැත්ත අනුව සිදු වුණු ආණ්ඩු පෙරළිය දිහා සුභවාදීව බලනවා. මම සහභාගී වන අන්තිම ජංගම සේවය මේ මාසේ 14/15 මිලානෝ නුවරදී පැවැත්වෙනවා‘.

 



අදහස් (0)

‘බැනට් කුරේ සතුටින් එයි‘

සෑම් Friday, 06 February 2015 08:12 PM

තානාපති කෙනෙකුගේ කාර්යභාරය සහ තානාපති කාර්යාලයේ කාර්යභාරය අතර වෙනසවත් සමහරු දන්නේ නැති බවයි මට නම් පෙනෙන්නේ. තානාපති කියන්නේ ලංකා රජයේ රාජ්‍ය නායකයා වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා සිටින නියෝජිතයා මිස ජංගම සේවා කරන්නවත්, පුවත්පත් පරිවර්තනය කරන්නවත් පත්කළ කෙනෙක් නොවේ. ඒවා කළයුත්තේ තානාපති කාර්යාලය මිසක් තානාපතිතුමා නොවේ. ලංකාව වෙනුවෙන් කළ සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම් මොනවාහරි තියනවා නම් ඒවා ගැන කියා ආඩම්බර වුණාට කමක්නැහැ. (නි)

:       0       0

සරත් Friday, 06 February 2015 08:43 PM

හේමන්ත වර්ණකුලසුරිය මහත්තයා අපිට අත්හිටුවා තිබුන රියදුරු බලපත්‍රය නැවත ලබාදුන්නා.ඒවගේ දැනෙන සේවයක් කුරේ මහත්තයා කළේ නැහැ.ඉතාලියේ සේවය කරන දහස් ගණනක පිරිසට දැනෙන සේවයක් කරන්න පුලුවන් දක්ෂ උගත් බුද්ධිමත් මහත්තයෙක් තානාපති වී පැමිණේවා! (නි)

:       0       0

ජෝයි ගොඩ්රි Sunday, 08 February 2015 05:34 PM

ඉතාලියට ජංගම සේවය අනිවා‍ර්ය කළයුතුයි. ගුවන් ගමන් බලපත්‍ර, ඉතාලියේ ඉපදුන දරුවන්ගෙ උපත් පිළිබඳ ලියකියවිලි සකසා ගැනීම,ලංකාවෙ දේපල ප්‍රශ්න වලට ඇටර්නි බලපත්‍ර සකස් කරගැනීමට හා වෙනත් කරුණු රාශියක් ජංගම සේවය හරහා සිදුවෙනවා. එවැනි ජංගම සේවයක් තිබූවිට දහස් ගාණක් ශ්‍රී ලාංකිකයෝ තානාපති සේවය ලබාගන්නවා.නැත්නම් වෙන්නේ කිලෝමීටර සියගණන් දුර ගෙවාගෙන රෝමයට යාමට සිදුවීමයි. (නි)

:       0       0

තිලක් Friday, 06 February 2015 10:53 PM

විදේශ සේවයට යන්න මොනතරම් ඉගෙනගන්න ඕනෑද? (නි)

:       0       0

ලසන්ත Saturday, 07 February 2015 08:33 PM

අපි නොදන්නා ජංගම සේවය! (නි)

:       0       0

අබේවංශ Saturday, 07 February 2015 12:21 AM

අපි කැමතියි ඔබට ඇති සුදුසුකම් දැනගන්න (නි)

:       0       0

වීරසේන ‍ Saturday, 07 February 2015 12:36 AM

මම විදෙස් සේවයට බැඳුනේ විභාගය සමත්වෙලා. තානාපති සේවය පිරිහුනේ දේශපාලනය නිසා. (නි)

:       0       0

තරංග​ Saturday, 07 February 2015 01:00 AM

මමත් කී දවසක් රස්තියාදු වුණාද? (නි)

:       0       0

මහේෂ්‍ Sunday, 08 February 2015 01:40 AM

ඉතාලි තානාපති ලෙස යන අලුත් කෙනා එතන වී තිබෙන හොරකම් හොයලා ඉන්න, පළමුව. යහපාලනය එතනිත් අරඹන්න. හොරු මුලින්ම ගෙදර එවලා ඉන්න. (නි)

:       0       0

රසික් කටාර් Sunday, 08 February 2015 03:35 AM

තිලක්, ඕකට වැඩිය ඉගෙනගන්න ඕනෑ නැහැ (නි)

:       0       0

ආනන්ද Sunday, 08 February 2015 07:57 AM

බෙනෙට් කුරේ මහත්තයෝ කරුණාකර ඔයා සමග ලියුම් අත්සන් කරන නෝනා වත් ලංකාවට අරන් යන්න. (නදී)

:       0       0

අසංක Saturday, 07 February 2015 05:50 AM

මිනිසුන්ගේ ඡන්ද වලින් ඇවිල්ලා මිනිසුන්ව මඟහරින්න නරකයි (නි)

:       0       0

බණ්ඩා Friday, 06 February 2015 01:36 PM

ඇත්තෙන්ම ඔබ කළ ජංගම තනාපති සේවය අගය කලයුතුයි .(හේ)

:       0       0

ගාමිණී Friday, 06 February 2015 02:05 PM

මෙම සේවයේ හිටපු කිසිම දෙයක් නොදත් පුද්ගලයා ඔහුයි. (නදී)

:       0       0

අනුර දිසානායක Saturday, 07 February 2015 07:16 AM

ඔබ කළැයි කියන ඒවා අලුත් දේවල් නෙමෙයි. ඕවා ඉස්සරත් කළා (නදී)

:       0       0

මංගල සුරියසේන Saturday, 07 February 2015 07:32 AM

සතුටින් නැතිව දුකෙන් ආවයි කියන්නද? දේශපාලන කුක්කන්ව විදේශ සේවයට ගන්න එපා. රටම කනවා (නදී)

:       0       0

රන්ජිත් Saturday, 07 February 2015 07:47 AM

මෙයා ඉස්සර වරායේ චන්ඩියෙක්. (නදී)

:       0       0

සුසන්ත Friday, 06 February 2015 02:37 PM

මේ දේවල් ගැන ඇත්ත නැත්ත ඉතින් ඉතාලියේ ඉන්න අපේම අයගෙන් තමයි අහන්න වෙන්නේ.(හේ)

:       0       0

ශ්‍රියානි Monday, 09 February 2015 04:09 PM

එයා කරලා තියෙන සේවයට කට්ටිය හොදට ඇගයීම් දෙන්නේ (නදී)

:       0       0

ජයලත් ඉතාලි Friday, 06 February 2015 03:40 PM

අපි නොදන්නා ඉතාලියේ කරපු ජංගම තානාපති සේවය කොහෙද තිබුනේ ?(නදී)

:       0       0

දුම්මලසූරිය Saturday, 07 February 2015 11:08 AM

මේ දක්වා ඇති අදහස් දකිද්දී නම් හිතෙන්නේ බෙනට් කුරේ සතුටින් ඒම කෙසේ වෙතත් බෙනට් කුරේ යනවට නම් බොහෝ දෙනා සතුටු බවයි. මම ඉතාලියේ නොවන නිසා ඔහු කල කී දෑ ගැන අවබෝධයක් නැහැ. (නදී)

:       0       0

ගාමිණී Saturday, 07 February 2015 12:06 PM

පසුගිය කාලයේදී ද්විත්ව පුරවැසිභාවය හා රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර ලබාදුන් ආකාරය ගැන විශේෂ විමර්ශනයක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. පසුගිය කාලයේදී පුද්ගලයින් දෙදහස් දෙසීයකට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇත. පුද්ගලයින් 1800කට රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍ර ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ. (නදී)

:       0       0

කැලුම් - ඕමාන් Friday, 06 February 2015 04:48 PM

එයා එන්නේ අඩ අඩා මුණ මල ගෙයක් වගේ (නදී)

:       0       0

රවී Sunday, 08 February 2015 03:00 PM

ඔතන ඉන්න අනෙක් සුදුසුකම් නැති අයත් ඉවත්කරන්න (නි)

:       0       0

දුෂාන් Friday, 06 February 2015 05:08 PM

තානාපති කම ගැන කිසිම දෙයක් දන් නැති කෙනෙක් මෙයා (නදී)

:       0       0

සම්පත් Tuesday, 10 February 2015 06:58 AM

තානාපති සේවයට උගතුන් සහ බුද්ධිමතුන් යොදවන්න. ඒ වගේම ජාතික ලැයිස්තුවටත් උගතුන් හා බුද්දිමතුන් යොදාගන්න. මම කියන්නේ අවම පශ්චාත් උපාදියක්වත් තියෙන අය. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 07 February 2015 01:54 PM

සෑම් මහතාගේ අදහස මමත් අනුමත කරනවා. ශ්‍රීලංකාව පිලිබදව ලෝකය දරන ආකල්ප වෙනස් කල හැකි නියම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ඉතාලියට අවශ්‍යයි. පසුගිය රජය විදෙස් තානාපති සේවය කාල නැති කරලයි තිබුනේ (නදී)

:       0       0

සමන්ති Saturday, 07 February 2015 02:09 PM

විදේශ සේවයේ පරිනතයින් පමණක් විදේශ සේවයට යවන්න. පැරදුනු දේශපාලකයින් යවන්න එපා. (නදී)

:       0       0

අංජන Friday, 06 February 2015 07:01 PM

ඔබට රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් තිබුනද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site