IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බදු සල්ලිවලට යන කල

රුපියල් දෙකෝටියක් පමණ වැයකර වසර 10 කට පෙර නුවරඑළියේ ඉදිකළ සුරාබදු ගොඩනැගිල්ල වසර අට හමාරක් තිස්සේම අතහැර දමා ඇත. එම දෙමහල් ගොඩනැගිල්ලේ වහළින්ද පොළොවෙන්ද ජලය කාන්දුවීම, බිත්ති පිපිරීයාම හා ප්‍රමිතියකින් තොර ඉදිකිරීම නිසා එහි පදිංචිය අනතුරුදායක බව සුරාබදු නිලධරයෝ කියති.

නුවරඑළියේ දිසාපති ඩී.පී.ජී.කුමාරසිරි මහතාගේ උපදෙස් මත ගොඩනැගිල්ල ගැන වාර්තාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව බරපතල අඩු පාඩු 18 ක් එහි දැක්වේ.

කුමාරසිරි මහතාට ඉදිරිපත් කළ වාර්තාව අනුව ගොඩනැගිල්ලේ ඉහළ මහළ ඉවත් කිරීම හෝ එම ගොඩනැගිල්ල ඉවත් කර නේවාසික පහසුකම්ද සහිතව තෙමහල් හෝ ඊට වැඩි මහල් ගණනකින් යුතු ගොඩනැගිල්ලක් ඉදි කරන ලෙස නිර්දේශ කර ඇත.

ජල නළ පද්ධතිය අවිධිමත්ව එලා තිබීම නිසා පළමු මහල සිට බිම් මහල දක්වා ජලය කාන්දු වීම, බිත්ති පුපුරා තිබීම, වැසිකිළි බට නියමිත ප‍්‍රමිතිය නොමැතිව පැවතීම, ඒ වටා කොන්ක‍්‍රීට් දමා නොතිබීම, පළමු මහලයේ වැසිකිළි බිත්තවල වතුර කාන්දුවීම, ඉහළ මහලයේ ගඩොල් බැම්ම ඔළුගල් ක‍්‍රමයට පමණක් බැඳ තිබීම, බිත්ති වෙන් කිරීම ගඩොල් මුහුණත සිරස් ලෙස බැඳ තැබීම, අනුමත පිලිස්සූ ගඩොල් භාවිතා නොකර විශාල

ගඩොල්වලින් බිත්ති බැඳ තිබීම, විදුලි පද්ධතිය නිසි ලෙස වයරින් නොකිරීම, ඉහළ මහලයේ සිවිලිමට අනුමත ප‍්‍රමාණයේ දැව භාවිතා කර නොකිරීම, වහලට දමා ඇති කාප්ප නිවැරදි ලෙස සවි නොකිරීම, ඉහල මහල නගින පඩිපෙලේ ගමන් කිරීමේදී දෙදරීමට ලක්ව ඇති බැවින් නියමිත පරිදි කම්බි බැඳී නැති බව නිරීක්‍ෂණයට ලක්වීම, ඉහළ මහලයේ පොලොවේ කොන්ක‍්‍රීටය සඳහා නිසි පරිදි කොන්ක‍්‍රීට් කම්බි නොයෙදීම එම කරුණුය.

A B C F G H



අදහස් (0)

බදු සල්ලිවලට යන කල

චමින්ද Sunday, 16 November 2014 08:47 PM

රුපියල් දෙකෝටියක් කියන්නේ කජු ඇටද,කොස් ඇටද? අහෝ මහජන මුදල්! (නි)

:       0       0

සත්‍යයා Monday, 17 November 2014 12:16 AM

මේ ඡායාරූප වලින් කියැවෙන්නේ අකුමවත් පාලන ක්‍රමයේ නිරුවත්යි. ගහගන්න මිනිහාට ඕනෑතරම් ගසාකන්න දෙන ලිහිල් ආර්ථික ප්‍රතිපත්තියක් හැදු හැමෝටම දිනක මේ ශාපය වදිනවා. මේ ආකාරයට මෙය සුරාබදු දෙපාර්තමේන්තුවට පාවිච්චියට නොගෙන ගරාවැටීමට සැළැස්වීම මොනතරම් අපරාධයක්ද? (නි)

:       0       0

ධම්ම Sunday, 16 November 2014 10:51 AM

කොන්ත්‍රාත්කරු විසින් අධීක්ෂණ කාර්ය මණ්ඩලය මිලට ගෙන ඇති බවක් පෙනේ. (ර)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 16 November 2014 11:42 AM

මම නම් කියන්නේ රජයේ මෙවැනි ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු යුධ හමුදාවේ ඉදිකිරීම් අංශයට දීලා කරගත්තනම් හරි කියලයි. ගසා කෑමකින් තොර පිළිවෙලකට නියමිත ප්‍රමිතියකට එහෙනම් වැඩෙත් අකුරටම සිද්ධ වෙයි. (ර)

:       0       0

තබ්බිත Monday, 17 November 2014 03:57 AM

සාමාන්‍ය ජනතාවට නිවසක් සාදා ගන්න තියෙන නීති නම් එමටයි . (බ)

:       0       0

තිලක් Sunday, 16 November 2014 02:19 PM

මේක නම් තනිකරම හොර වැඩක්. කොන්ත්‍රාත් කරුට නඩු දමා මුළු මුදලම අය කර ගත යුතුයි. ඒක පිටිපස්සේ හිටපු දෙස්පාලුවගෙන් ගන්න සාක්කි නෑනේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site