IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බදු ගෙවන සමාගම් ගණන සියයට 10 කින් ඉහළට

(යොහාන් භාසුර)

බදු ගෙවන සමාගම් සංඛ්‍යාව මෙම වසරේ සියයට 10 කින් පමණ වර්ධනය වී ඇති බවත් ඒ අනුව 2022 වසරේ ලියාපදිංචි සිටින බදු ගෙවන සමාගම් 73,444 පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන සිට 81,909 දක්වා ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා පැවසීය.

පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති බවත් පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට 500,196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා කීය.

සියලුම බදු කාණ්ඩවලට ලියාපදිංචි වීම කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ද දේශීය ආදායම් කොමසාරිස් ඒ. එම්. නෆීර් මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

බදු ගෙවන සමාගම් ගණන සියයට 10 කින් ඉහළට

සාජන් Saturday, 30 December 2023 05:58 AM

මෙච්චර කල් බදු නොගෙවා සිටි වංචනිකයින් සහ මොවුන් ගැන සොයා නොබැලූ දේශීය අදායම් දෙපාර්තමේන්තුව ගැන කවර කතාද?

:       0       6

de silva berlin Saturday, 30 December 2023 06:35 AM

මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා සහ නියෝජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහත්වරුන්ට, කොපමණ බදු ලිපිගොනු විවුර්ත කළත්, නවීන කම්පියුටර් තාක්ෂණය ගෙනාවත්, මේවා තක්සේරු සහ පරීක්ෂා කරන්නේ හොරුනම් ඵලක් තිබෙනවාද? දැන් කළ යුත්තේ බදු ඉහළ දැමීම නොව, ආදායම් බදු නිලධාරීන් විසින් තක්සේරු කරන මෙම ලිපිගොනු අහඹු ලෙස නැවත සමීක්ෂණය සඳහා ජාත්‍යන්තර විගණන සමාගම් කිහිපයකට බාර දෙන එක, එහෙම කළොත් මෙම හොරකම්, දූෂණ එළිවෙන නිසා නිලධාරියෝ අකුරට වැඩේ කරාවි... රටේ බදු අදායම වැඩි වේවි, අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, බෙහෙත් වැනි දේවල් වලට ගහන බදු අඩුකර ජනතාවට සහන දෙන්න පුළුවන් නේද? මගේ මේ යෝජනාව පිළිබඳව ඔබලාගේ අදහස රටට හෙළි කරන්න...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site