බදු පරිපාලනය තුළ ළුලදායිතාව සහ ඉහළ කාර්යක්ෂම සේවාවක් ලබාදිමේ අරමුණින් ආදායම් බදු ගෙවන්නට පහසුකම් රැසක් පරිගණකය හරහා ලබාදෙන රැමිස් (ආදායම් පරිපාලනය පිළිබඳ කළමණාකරණ තොරතුරු තාක්ෂණ පද්ධතිය) ළඟදිම ක්‍රියාවට නැංවෙන බව දේශිය ආදායම් කොමසාරිස් ජෙනරාල් කල්‍යානි දහනායක මහත්මිය පැවසුවාය.
ආදායම් බදු ගෙවන්නට උද්ගතවන ගැටළු සඳහා මෙම පද්ධතිය තුළින් විසඳුම් ලැබෙයි. උදාහරණයක් දැක්වුවහොත් එකම ගොනුව විගණනයට භාජනය වන බවට ඇතමුන් චෝදනා කෙරෙන අවස්ථාවන්වලදී නව ක්‍රමවේදය යටතේ විගණනයට භාජනය විය යුතු ගොනුව පද්ධතිය තුළින් හඳුන්වා දෙයි. එම නිසා එවන් චෝදනා ඉදිරිපත් වීම වැළකෙයි.
අන්තර්ජාලය හරහා ආදායම් බදු ගෙවීමට හැකි ඊ ගෙවීම් ක්‍රමයත් , කෝල් සෙන්ටර් ක්‍රමය ක්‍රියාත්මක විමත් රැමිස් ක්‍රමවේදය තුළින් සිදුවෙයි. මෙම කෝල් සෙන්ටර් සේවාව බෙහෙවින් ඉදිරියෙන් සිටින්නකි. ඒ යටතේ ආදායම් බදු හා සම්බන්ධ පැන නඟින කාරණාවන්ට ක්ෂණිකව විසඳුම් ලබාගත හැකි සේවාවකි.
සෑම බදු වර්ගයක් සඳහාම අදාළ බදු වර්ගයට වෙන් වුණ සාරාංශ ගත වාර්තාවක් සැපයෙයි.දැනට සැපයෙන්නේ සාරංශගත වාර්තාවක් වෙනුවට පිටු ගානක වාර්තාවකි.
ආදායම් බදු ගෙවන්නන්ට තමන්ගේ බදු තොරතුරු ලබාගැනිමේ හැකියාවද පරිගණක ඔස්සේ සිදු කරගැනිමට අවස්ථාව සැලසෙයි.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු ගෙවන්නන්ටත් තාක්ෂණයෙන් පිහිටක්
දුමින්ද Tuesday, 16 June 2015 10:40 AM
නොගෙවා ඉන්නත් ඒකේම පිහිට ගනීවිද.? (ර)