IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බදුලු තැපැල් දුම්රිය දෙකම නවතී

(නිමල කොඩිතුවක්කු සහ සමන් පාලිත නානායක්කාර)

උඩරට දුම්රිය මාර්ගයේ නාය යෑම් හේතුවෙන් අද (22) කොළඹ කොටුව සිට බදුල්ල සහ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙක අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

මධ්‍යම කඳුකරයේ පවතින අධික වර්ෂාව සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක් කඳු නායායෑම් නිසා අවස්ථා ගණනාවකදී දුම්රිය මාර්ගය අවහිර විය.

මේ හේතුවෙන් අද දිනය පුරා උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාද කිරීමට සහ සීමා කරමින් ධාවනය කිරීමට සිදු වූ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.

ඉදල්ගස්හින්න හා ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 31 දරණ බිංගෙය ආසන්නයේ කඳු ගැටයක කොටස අද උදෑසන 05 ට පමණ නාය යෑමෙන් දුම්රිය මාර්ගය අවහිරවිය.

තව ද උඩරට දුම්රිය මාර්ගයේ හාලී ඇළ හා දෙමෝදර අතර දුම්රිය මාර්ගය කොටසක් සහ අඹේවෙල හා පට්ටිපොළ අතර නාය යෑමක් සිදුවෙමින් පවතින බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 



අදහස් (0)

බදුලු තැපැල් දුම්රිය දෙකම නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site