(ඇල්ල ප්‍රසාද් රුක්මල්)
පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර මඩොල්සිම මාර්ගයේ 1 කණුව සොහොන හංදිය අසලදී අද (21) පස්වරුවේ පස්කන්දක් සමඟ ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .
බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල සවස්වරුවේ පතිතවන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගයට විශාල පස්කන්දක් සමඟ ගස්කොළන් කඩා වැටී තිබිණ.
මේ නිසාවෙන් පාසල් නිමවී සවස නිවෙස්වලට යන පාසල් සිසුන් මෙන්ම රැකියාවලට ගොස් නිවෙස් කරා යන උදවිය ද, මහජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ .
මාර්ගයට කඩා වැටී තිබෙන විශාල පස්කන්ද සමග ගස්කොළන් ඉවත් කිරිමට කඩිනමින් පියවර ගන්නා බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බදුල්ලේ පාරවල්වලට පස් කඳු කඩා වැටේ
Bunny Preena Friday, 22 September 2023 10:49 AM
වහින කාලෙට ඉතින් කදුකර පලාත්වල සුලබව දකින්ට ලැබෙන දෙයක්. මෙවැනි කරදර සහ බාදක මැද එම කඳුරට ජනතාව පරිසරයත් සමග බොහොම උපෙක්ශාවෙන් ජීවිතේ කොහොම හරි ගෙවා ගෙන යනවා. එය අගය කල යුතු දෙයක්.