(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බෙදුණු අවස්ථාව ඉවරයි සියලු දෙනා එක්ව රට ගොඩනගමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (20) පැවසීය.
ජනතාව ඉල්ලන අලුත් ක්‍රමවේදයක් බිහි කිරීම සඳහා අද සිටම එකතු වී සාකච්ඡා කරමු යැයි ජනාධිපතිවරයා සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ජනාධිපතිධුරයට පත්වූ බව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
කතානායකතුමායි මමයි 1973 දී එකට දේශපාලන ගමන ආරම්භ කළ අය. මට අද විශේෂ සතුටක් තියෙනවා. ඔබතුමා මූලාසනයේ ඉද්දී මගේ පත්වීම ප්‍රකාශ කිරීම ගැන. මම අවුරුදු 45 ක් පාර්ලිමේන්තුව තුළ සිටිමින් දේශපාලනය කරලා තියෙනවා. මගේ ජීවිතය තියෙන්නේ මේ පාර්ලිමේන්තුවෙියි. මේ පාර්ලිමේන්තුවෙන් මට මෙම ගෞරවය ලබාදීම ගැන මම විශේෂයෙන්ම ස්තූතිය පුද කරනවා.
මීට අවුරුදු 31 ට කලින් එනම් 1993 දී අපි මේ ආකාරයටම රැස්වුනා. ඒ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරන්න. එදා ඩී.බී විජේතුංග ජනාධිපතිතුමාට තරඟයකින් තොරව පත් කර ගන්න හැකියාව ලැබුණා. එදා එම ඡන්දයට සහභාගී වූ 15 ක් පමණ අදත් මේ පාර්ලිමේන්තුව තුළ සිටින බව මම කියන්න කැමතියි. මේ දෙවෙනි අවස්ථාවේදී ප්‍රථම වතාවට අපට ඡන්දයක් ලැබුණා.
ඒ ඡන්දයේදී අප අතර සාකච්ඡාවක් ඇති වෙලා එක අතකින් අපට පුළුවන් යැයි අප පෙන්නුවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරයෙක් තෝරා පත් කර ගන්න පාර්ලිමේන්තුවට හැකි බව අප පෙන්වා තිබෙනවා. ඒ නිසා මට යුතුකමක් තියෙනවා පළමුව මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාටම ස්තූති කරන්න. ඊට සමානව මට යුතුකමක් තියෙනවා මෙම ඡන්දයට සහභාගී වූ සියළු දෙනාටමත් ස්තූති කරන්න.
රට අද තියෙන අමාරු තත්ත්වය ගැන අමුතුවෙන් කාටවත් කියන්න දෙයක් නෑ. ආර්ථික වශයෙන් අමාරු තැනක අපි ඉන්නේ. ඒ වගේම තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. ජාත්‍යන්තරයේ ප්‍රශ්න ගණනාවක් තිබෙන මොහොතක් මේක. අපි ඒවට පැටලෙන්නේ නැතුව යන්න තියෙනවා. රට ඉදිරියට ගෙන යන්න අලුත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න තියෙනවා.
ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලන ක්‍රමය නොවෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා කටයුතු කරන්න ඕන කියන තැන තමයි ජනතාව ඉන්නේ. මාත් සමඟ තරඟ කළ අනුර දිසානායක මන්ත්‍රීතුමාටත්, ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමාටත් මම ස්තූති කරනවා. මම ඩලස් අලහස්පෙරුම මන්ත්‍රීතුමාගෙන් ඉල්ලනවා අපි සියළු දෙනාම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් හදන්න වැඩකටයුතු කරමු.
මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක මැතිතුමාගෙනුත් මම ඉල්ලනවා මේ වැඩපිළිවෙලට සහාය දෙන්න කියලා. මොකද අද රටේ තිබෙන තත්ත්වය ගැන එතුමා ඉතාම හොදින් දන්නවා. මාගේ මිත්‍ර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු සියළු දෙනාගෙන්ම එම ඉල්ලීමම නැවත කරන්න කැමතියි. අපි සියළු දෙනා එකට එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් හදන්න බලමු. ඒ ගැන අපි සියළු දෙනා එකට එකතු වෙලා සාකච්ඡා කරමු. දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මැතිතුමා ඇතුළු සියළු දෙනාගෙනුත් මෙම ඉල්ලීම මම කරනවා.
පොන්නම්බලම් මන්ත්‍රීතුමාගෙනුත්, විග්නේෂ්වරන් මන්ත්‍රීතුමාගෙනුත් එම ඉල්ලීම මම කරනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යමු. ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙනුත් එම පක්ෂය වෙනුවෙන් මම මේ ඉල්ලීම කරනවා. මෙතන සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගෙනුත් මේ ඉල්ලීම මම කරන්න කැමතියි. අපි බෙදුන අවස්ථාව දැන් ඉවරයි.
අපිට පැය 48 ක් තිබුණා බෙදෙන්න. ඒ පැය 48 දි අපි බෙදුනා. දැන් ඒ කාලය අවසන් නිසා මම ඉල්ලනවා අපි එකට එකතු වෙලා සාකච්ඡා කරමු. හෙට සිට ඔබ සියළු දෙනා සමඟ සාකච්ඡා කරන්න මම කැමතියි. මට තව ඉල්ලීමක් තියෙනවා මේ සභාවෙන් කරන්න. සභාවෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුලදී මට ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන්න අවස්ථාව දෙන්නැයි කතානායක තුමාගෙන් මම ඉල්ලනවා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බෙදුනු අවස්ථාව ඉවරයි: දැන් රට ගොඩ නගමු
sharm warn Wednesday, 20 July 2022 02:58 PM
බොරු හෑලි කියලා අපේ සල්ලි කන්නේ නැතුව ගෙදර යනවද? ඡන්ද 50000ක් ගන්න බැරිව පගාවට යටවෙච්චි අයගේ මනාප වලින් රජවුණා කියලා දිනුවා කියලද හිතන් ඉන්නේ? මිනිස්සු ඉන්නවා තවම පාරේ..
Sunil Wednesday, 20 July 2022 04:00 PM
රටේ ආර්ථික ස්ථාවර භාවයට තිබූ අවසන් අවස්ථාවත් හමාරයි...
fairoosWednesday, 20 July 2022 06:06 PM
වහල්ලුන්ට කොහේද මේවා තේරෙන්නේ..?
Kumara Wednesday, 20 July 2022 04:53 PM
එහෙමද ආයුබෝවන්...! හොඳයි හොඳයි...!
Sanju Wednesday, 20 July 2022 07:39 PM
ජයවේවා... රනිල් රාජපක්ෂ තුමාට... ඩලස් රාජපක්ෂ අගමැති කරගනිමු...
saman Thursday, 21 July 2022 09:11 AM
රට බෙදන්න එපා දෙයියෝ... ඔබතුමාගේ ඉතිහාසය එච්චර හොඳ නෑනේ.. ඒකයි මම කිව්වේ...!