(අංජුල මහික වීරරත්න)
කොළඹ බෞද්ධාලෝක වෙසක් කලාපය සාර්ථකව පැවැත්වීමට ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන වල දායකත්වය ලබාදීමට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.
ජනාධිපති ලේකම්වරයාච සහ බෞද්ධාලෝක වෙසක් කමිටුවේ නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹිණි.
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් 24 වැනි වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීම පිළිබඳව සහ ඊට අදාළ පෙර සූදානම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරිණි.
බෞද්ධාලෝක වෙසක් කමිටුවේ සභාපති ඩී. උපුල් රූපසිංහ, ලේකම් එම්. වී. පී. තෙන්නකෝන්, භාණ්ඩාගාරික සී. කේ. ගමගේ, සංවිධායක ඉෂාන් බුද්ධික එදිරිසූරිය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපතිනි වෛද්‍ය රානි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බෞද්ධාලෝක වෙසක් කලාපයට රාජ්‍ය අනුග්‍රහය