
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවත මාර්ගය හරහා ඉදිකරන ලද විශාල තොරණක් වර්ෂාවත් සමග හැමු තද සුළගින් කඩා වැටුණු බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
මෙයින් කිසිවකුටත් තුවාල සිදු නොවු අතර වාහන වලටද අලාභ නොවීය.
මේ හේතුවෙන් බොරැල්ලේ සිට එම මාර්ගය හරහා තුන්මුල්ල දක්වා ධාවනය වන වාහනවලට දැඩි බාධාවක් සිදුවූ අතර ඉරිදා දිනයක් වූ බැවින් සිදුවීමට තිබූ විශාල අනතුරක් වැළකුණු බව රථවාහන පොලිසියේ නිලධාරීහු පැවසූහ.
පොලිස් නිලධාරීන් වහා මැදිහත්ව දැඩි වර්ෂාව ද නොතකමින් කඩා වැටුණු තොරණ එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබූ බව පොලිසිය සඳහන් කරයි.
කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

2025 දෙසැම්බර් මස 18
135
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෞද්ධාලෝක මාවතේ තොරණ කඩාන වැටෙයි