IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘බුද්ධිමතුන් යළි පාර්ලිමේන්තුවට ගෙනෙන යුගයක් බිහි කරනවා‘

‘ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය ආපසු හරවන්න දෙන්නේ නෑ. අපට කරගන්න බැරිවුණ 20 වැනි සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අපි කරන්න බලාපොරොත්තුවෙනවා. මේ තිරිසන් මැතිවරණ ක්‍රමය වෙනුවට නියම ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට ගෙන එන මැතිවරණ ක්‍රමයක් අපි ඇතිකරනවා.‘ යනුවෙන් රාජිත සේනාරත්න මහතා යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුම අද (12) අරලියගහ මන්දිරයේදී අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

‘ගමේ වෙද මහතා, ඉස්කෝලේ මහතා සරම බැනියම ඇඳපු නියම ජනතා මනස හඳුනන පිරිස යළි පාර්ලිමේන්තු ගෙනෙන යුගය අපි ඇතිකරනවා.

දැන් සුදුවෑන් එන්නේ නෑ, උතුරේ මිනිස්සු බියක් සැකයක් නැතිව නිදා ගන්නවා. ඒ නිදහස අර්ථවත් කරන්න ආයෙත් 17 වැනිදා පක්ෂ බේද නොසලකා, පුද්ගල නාම නැතිව නියම පිවිතුරු දේශයක් ගොඩනගන්න ඡන්දය දෙන්න. අගෝස්තු 17 වැනිදාට අනිවාර්යයෙන්ම යහපාලනය ජයග්‍රහණය කරනවා. පිරිසිදු පාර්ලිමේන්තුවක් ගොඩ නගනවා.‘



අදහස් (0)

‘බුද්ධිමතුන් යළි පාර්ලිමේන්තුවට ගෙනෙන යුගයක් බිහි කරනවා‘

අර්ජුන රණවන Sunday, 12 July 2015 05:45 AM

අපේ පැතුමද එයයි. උගත් ,පිරිසිදු මනා පරිචයක් ඇති රටට ආදරය කරන පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරමු. හොරු පලවා හරිමු. (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Sunday, 12 July 2015 05:48 AM

යහපාලනය කියන්නේ මහා විහිළුවක්, යහපාල කඩේ දින 100ක් කරගෙන යන් බැරි වුනා . වැඩ කරන්න බැරි ටාසන්ලා බව ලෝකෙටම පෙන්නුවා , වෙන සාක්ෂි මොනවටද . අපි ඡන්දෙ දෙන්නේ සැබැ දේශප්‍රේමින්ටයි .බඩගොස්තර මගොඩිස්ලට නෙමෙයි උන්නැහේ (බ)

:       0       0

තිලක් Sunday, 12 July 2015 06:30 AM

ජය ජය ජය! (ම)

:       0       0

සෑම් Sunday, 12 July 2015 06:33 AM

බණ්ඩාර කැකිරාව , ඔබ බහු වචනෙන් ""අපි"" ඡන්දෙ දෙන්නේ' කියලා කීමෙන්ම ඔබ කව්ද කියා ලෝකයට පෙන්නුම් කරලා තියනවා . ""මම""ඡන්දෙ දෙන්නේ 'කියලාවත් කිව්වානම් ඔබත් යමක් කමක් තේරෙන කෙනෙක් කියලා හිතාගන්න තිබුනා. (අ)

:       0       0

ඉශ Sunday, 12 July 2015 06:41 AM

සුළුතර ආණ්ඩුවක් තියාගෙන මේ කරපු දේවල් හොදටම ඇති.. වැඩක් කරන්න නොදුන්නා පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඔක්කොම මේ පාර ගෙදර යවනවා.. හොරු වංචා කාරයෝ මිනි මරුවෝ ඔක්කොම දැන් එක පැත්තක.. බුද්ධිමතු යහ පාලනයේ ඔක්කොම තව තැනක. මිනිස්සු දැන් තේරුම් ගන්න කාටද ඡන්දෙ දෙන්නේ කියල.. කතා දෙකක් නෑ.. මේ පාරත් මහින්ද මහත්තයට පරදේ නීයති... ඊට පස්සේ කොහේ පලාත් සභාවට ඉල්ලිද මන්ද (අ)

:       0       0

ගාමා Sunday, 12 July 2015 06:47 AM

මෛත්‍රිපාල සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ලා දින 100 ක පාර්ලිමේන්තුවක් තමයි සැලසුම් කලේ. එය දිග්ගස්සුවේ ඔය කියන මහත්තුරුම තමයි. එහි පල විපාක තමයි අපි අද විඳින්නේ. (අ)

:       0       0

ප්‍රනාන්දු Sunday, 12 July 2015 06:48 AM

පුතාව,දුවව ,බෑනාවනොනවත් එක්ක.... ද (අ)

:       0       0

සදුන් Sunday, 12 July 2015 06:58 AM

රට හදන්න කලින් ගෙදර ප්‍රශ්ණ විසදලා එන්න .. ඔයා ඇති දේශපාලනේ හිටියා ..මදැයි (බ)

:       0       0

මර්වින් Sunday, 12 July 2015 06:59 AM

බණ්ඩාර කැකිරාව, දේශපාලනයෙන් පමණක් අන්ධ වෙන්න එපා. දින සීයෙන් කරපු ටික අගය කරන්න ඕනේ. ඉස්සෙල්ල හිටපු කට්ටිය කරපු දේවල් අපිට අමතක නෑ (බ)

:       0       0

අනුර රණවන Sunday, 12 July 2015 07:06 AM

අපේ පැතුමද එයයි.නමුත් යහපාලනය කියන්නේ මහා විහිළුවක්, දැනටමත් එතනෝල් බලපත්‍ර 20 දීල කුඩු සහ එතනෝල් විමද්‍යගත වෙන එක පමණි සියලු හොරුන් පළවා හැරීමට හොරුන් පත් කොරමු (බ)

:       0       0

අනුර Sunday, 12 July 2015 07:08 AM

මධ්‍යම පාලනයට යනවා නම් වඩා හොඳයි (බ)

:       0       0

සාගර Sunday, 12 July 2015 07:11 AM

මට දුක, එහෙම කළොත් ඔබ තුමාටත් පාර්ලිමේන්තුවට එන්න නොලැබෙන එක ..මොකද දුෂිත අයට ඉඩක් නැහැනේ...(බ)

:       0       0

රංචාගොඩ Sunday, 12 July 2015 07:13 AM

"ගමේ වෙද මහතා, ඉස්කෝලේ මහතා සරම බැනියම ඇඳපු නියම ජනතා මනස හඳුනන පිරිස යළි පාර්ලිමේන්තු ගෙනෙන යුගය අපි ඇතිකරනවා"- එහෙම යුගයක් මහින්දගේ යුගයේ තිබුන තමයි, හැබැයි දැන් නෑ! (බ)

:       0       0

කිරින්ද Sunday, 12 July 2015 07:14 AM

එහෙනම් ඔබතුමාටත් වෙන රස්සාවක් හොයාගන්න වෙයි! (බ)

:       0       0

පෙරේරා Sunday, 12 July 2015 07:35 AM

රටටයි ජනතාවටයි ළුලදායි වැඩක් කරන්න පුළුවන් බුද්ධිමතුන් බොහෝ දෙනෙක් රටේ වෙන වැඩ දැකල කලකිරිලා රට ඇරලා පිටරටවල පදිංචියට ගිහින් තියෙන එ්කයි කණගාටු. (ම)

:       0       0

සරත් Sunday, 12 July 2015 07:48 AM

ඔව් හැමෝම බලා ඉන්නේ කී දෙනෙක් යවනවද කියලා පාර්ලිමේන්තුවට (නි)

:       0       0

සන්ධ්‍යා Sunday, 12 July 2015 08:00 AM

ඔය කවුරුත් ඔහොම තමයි කතාකරන්නේ. රාජිත කී පාරක් පක්ෂ මාරු කළාද? මොකක්ද වගකීමේ සහතිකය වෙන පක්ෂයකට මාරුවෙන්නේ නැහැ කියලා (නි)

:       0       0

කරුණාරත්න Sunday, 12 July 2015 08:01 AM

මම සැබෑ බුද්ධිමතෙක් නම් දේශපාලනයට එන්නේ නැහැ (නි)

:       0       0

වින්සන්ට් Sunday, 12 July 2015 08:06 AM

බුද්ධිමත් බොරුකාරයන් සහ දුෂිත දේශප්‍රේමින්ගෙන් තොර පාර්ලිමේන්තුවක් ජනතාවගේ බලාපොරොත්තුව වෙනවා ඇති.(නදී)

:       0       0

සහන් Sunday, 12 July 2015 09:21 AM

ඒක නම් ඇත්ත බණ්ඩාර (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site