ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ මහාබෝධි පන්සල ඉදිරිපිට බෝම්බ හයක් පිපිරීයාමෙන් ටිබෙට් ජාතිකයන් දෙදෙනකු තුවාල ලැබූ බව ඉන්දියා පොලීසිය කියයි. මහාබෝධි විහාරයට හෝ එහි ගොඩනැගිලි කිසිවකට හානි සිදුව නැතැයි පොලීසිය පවසයි. රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරින් හා රස පරීක්ෂකවරු ද පැමිණ පරීක්ෂණ ආරම්භ කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධගයා මහා බෝධිය ලඟ බෝම්බ පිපිරේ
තෙෂාන් Sunday, 07 July 2013 09:01 AM
ගෞතම බුදු මහිමයෙන් ආරක්ෂා වෙලා, තුවාල ලැබූ අයට ඉක්මන් සුවය ලැබේආ!! ඒ වගේම මේක කරපු අයට මේ සසරෙදීම මෙහි ප්‍රතිවිපාක අත්වේවා!! (නි)
චන්දික Sunday, 07 July 2013 09:12 AM
දළදා මාලිගාවට බෝම්බ ගහපු පවුකාරයන්ට වෙච්ච වැඩේ අපි කවුරුත් දන්නවනේ.කර්මය තමන්ගේ හෙවනැල්ල වගේ පස්සෙන් එන බව නොදන්නා කට්ටිය ඕක කරනවා.කර්මය අත්දුටුවයි.ප්‍රත්‍යක්ෂයි (නි)
පුෂ්පෙ Sunday, 07 July 2013 09:24 AM
ගෞතම බුදුන්ගේ සියළුම ධාතූන් වහන්සේලා වැඩ සිටින සිරි ලංකාවේ බෞද්ධ පුදබිම් වන්දනා මාන නොකර ඉන්දියාවේ මොනවා බලන්න යනවද මන්දා? (නි)
අමිල කටුනායක Sunday, 07 July 2013 09:39 AM
මෙවැනි දේවල් වෙන්න පුළුවන් කියලා මම කලින් කිවුවහම මට බැනලා ප්‍රතිචාර දාලා තිබුණා. කොහොම වුනත් ජීවිත හානි නොවීම සතුටට කරුණක්. තුවාල ලද්දවුන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
ධනුක පෙරේරා Sunday, 07 July 2013 09:44 AM
බුදුගුණ අනන්තයි! (නි)
පිටබෙද්දර ජයා Sunday, 07 July 2013 10:09 AM
ඉන්දියාවට පැනපු කොටි හොල්මන් තමයි මේ. කනගාටුව මේ ගැහුවේ සිංහල බෞද්ධ අපට නොව බලගතු ඉන්දියාවට නිසයි. කරපු කට්ටිය පරෙස්සමෙන්. දිට්ට දම්ම වේදනීය කර්මේ දන්නවා ඇතිනේ (නි)
නසාර් Sunday, 07 July 2013 10:34 AM
ඉන්ධිය වන්දනා ගමන වහාම නවත්වන්න,ලංකාවේම වන්දනාමාන කරන්න. (නි)
ශිරෝමි Sunday, 07 July 2013 11:00 AM
කරන කලට පව් මිහිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙඉ ගිනි සේ (නි)
නිරෝෂන් Sunday, 07 July 2013 11:06 AM
ඉන්දියාව යනු බුදුන් වැඩ සිටි දේශයයි. එවන් පුණ්‍ය භූමියක මේ කරන අපරාධ වලට නිසි දඩුවම් නුදුරේදීම ලැබෙනු ඇත (නි)
ලලිත් Sunday, 07 July 2013 11:22 AM
බුද්ධගයාව ඉන්දියාවට දැන් එපා වෙලා වගේ. අර කිවුවත් වගේ මොකද අපිට ලංකාවේ වන්දනා මාන කරන්න බැරී. (නි)
අලි Sunday, 07 July 2013 12:09 PM
පුජනීය ස්ථාන වලට බෝම්බ ගහන්න තරම් මිනිස්සු පහත් තත්වයට වැටිලා. කණගාටුයි (නි)
මාර්ක් Sunday, 07 July 2013 12:11 PM
දෙවිවරු ඉන්න තැනක නම් ඇයි මේවා වෙන්නෙ? (නි)
විදානගේ Sunday, 07 July 2013 12:25 PM
මේවායේ වගකීම ගන්න ඕනෑ අහිංසක ජනතාව නෙමෙයි, ජනතාවට සේවය කරන්න ආවා කියන වංචාකාර දේශපාලුවෝ (නි)
තිලක් Sunday, 07 July 2013 01:36 PM
ඉන්දියාවෙ ගිහින් ඒ තැන් බලාගත්තම දැනෙන්නෙ පුදුම සැනසීමක්. ඒක තේරෙන්න නම් ගිහිල්ලම බලන්න ඕනෑ. මේ ප්‍රශ්න හැමදාම තියෙන්නෙ නැහැනේ. ඒව අඩු වුනාම පුලුවන් හැමෝම යන්න. (නි)
සජිත් Sunday, 07 July 2013 02:13 PM
ලංකාවෙත් මෙහෙම දෙයක් වුනානේ (දඹුල්ලේ ) ඒකේදී නම් බෝම්බ නෙමෙයි වෙන විදියකට වුනේ. ඒ වගේම වෙන ආගමකට වුනේ. අනේ ඉතින් කල කල දේ පල පල දේම තමයි ඉතින් (නි)
හේරත් Sunday, 07 July 2013 03:00 PM
ආ... ඉන්දියාවේද? බෝම්බද? නෑ මුකුත් නෑ. රතිඤ්ඤා වගේ විනෝදෙට සද්ද පුජාවට පත්තු කොරලා වෙන්ට ඇති. (නි)
සජිත් Sunday, 07 July 2013 08:12 PM
ඇත්තටම මේ මොකද්ද මිනිස්සු ධාතු ධාතු කියාගෙන මෝඩකම් කරන්නේ? බුදුහාමුදුරුවන්ට ඕනෑ කලේ එයාගේ ධාතු තියාගෙන පුද පුජා ලබන්න නෙමෙයි. එතුමා කියා දුන් දර්ශනය අනුව ජීවත් වෙන්නයි. මේ රටේ මෙතරම් දුරාචාර සිදුවන්නේ මිනිස්සු බුදුදහම වැරදියට තේරුම් ගත්ත හින්දයි (නි)