ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වාහනයක් 2011 සිට 2014 දක්වා අවභාවිත කරමින් රජයට රුපියල් එක් කෝටි 70 ලක්ෂයක් පාඩු කළැයි නොතීසි ලැබ සිටින රාජ්‍ය ඇමැති ඒ.එච්.එම්.ෆවුසිට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට යෑමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අවසර දුන්නේය.
ලබන 28 වැනිදාට නියමිත නඩුව මෝසමක් මගින් අද (25) කැඳවූ විට ලබන 25 සිට 30 දක්වා ප්‍රතිකාර ගැනීමට ඉන්දියාවට යා යුතු බවත් එහෙයින් එදින උසාවියට පැමිණිය නොහැකි බව පවුසි කියා සිටියේය.
නඩුව 31 වැනිදාට කල් තැබිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බේත් ගන්න චෙන්නායි යන්න ෆවුසිට අවසර
බණ්ඩාර Tuesday, 25 October 2016 08:39 PM
තිස්වනිදා දක්වා ප්‍රතිකාර සඳහා ඉන්දියාවට යනවා. නඩුව 31 දා. එදිනටත් නඩුවට අනිවාර්යයෙන්ම සහභාගි වන්නේ නැතිවෙයි. නඩුව කල්යනවා. ඒ කාලය තුල තවත් ගුලියක් අඹරවා ගනීවි (නි)
අතුල Tuesday, 25 October 2016 08:58 AM
එත කොට අර සුනාමි සආ තියෙන වාහනේ ලැබුන එක කොහෙද තියල යන්නේ හදිසියෙන් වත් සුනාමියක් අාවොත් ඔයාව හොයන්න වෙන්නේ සුනාමියෙන් පස්සේ අනේ මෙහෙමත් මැති අැමෙතිලා ජනාධිපතිලා ඉන්න රටක් (බ)
ධම්ම Tuesday, 25 October 2016 09:09 AM
ඇමති කෙනෙක් වෙලත් බෙහෙත් ගන්න දකුණු ඉන්දියාවටද යන්නේ? (අ)
නුවන් Tuesday, 25 October 2016 10:00 AM
හරක් මස් කාල කාල දැන් සෙම ඔලුවට ගහලා! (අ)
රොකී Wednesday, 26 October 2016 01:26 AM
හත් දෙයියනේ! ලංකාවේ නැද්ද හොඳ වෛද්‍ය සේවයක්? මේ දේශපාලුවන්, සල්ලිකාරයන් ප්‍රතිකාර ගන්න පිටරට යන එක සෞඛ්‍ය ඇමතිතුමාට පමණක් නොවෙයි, වෛද්‍ය සංගමේටත් අපහාසයක්. (නි)
පීරිස් Tuesday, 25 October 2016 10:13 AM
මැති ,අැමැති වරුන්ට ලෙඩවෙන්නේ, බෙහෙත් ගන්න මතක් වෙන්නේ උසාවියට කැඳෙව්වාට පස්සේ හරි ඇප ලැබුනට පස්සේ . එතකම් මොන ලෙඩක් වත් නැහැ.! (බ)
නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Tuesday, 25 October 2016 10:18 AM
ශ්‍රී ලංකා වෛද්‍ය ප්‍රතිකාර වල විශ්වාසයක් නැති තවත් ශ්‍රී ලාංකිකයෙක් !! චෙන්නායි බෙහෙත් ශ්‍රී ලංකා බෙහෙත් වලට වඩා ගුණද, ෆවුසි මහත්තයෝ ? එක අතකින් එයා හරි වෙන්නත් පුළුවන්. රටේ සෞඛ්‍ය ඇමැතිටත් ශ්‍රී ලංකා බෙහෙත් පෛත්තියන් නම් කොහොමද ඒවා ෆවුසිට අල්ලන්නේ ? ගිහින් බෙහෙත් අරන් සනීප වෙලා එන්න. (බ)
රමණි Wednesday, 26 October 2016 03:04 AM
ගණන් ගන්න එපා. අපේ සෞඛ්‍ය ඇමැතිත් තමන්ට ප්‍රතිකාර ගන්න පිටරට යන එකේ අනික් ඇමතිලා ගියාම මොකෝ. (නි)
බමුණු Tuesday, 25 October 2016 11:13 AM
පොලිස් උන්දැගෙ නිවට හිනාව අනේ අපොයි (බ)
චින්තක Tuesday, 25 October 2016 11:53 AM
ජයලලිතාට බෙහෙත් කිරීමට දොස්තරවරු එංගලන්තයෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්වනවානම්, මෙතුමා මොකටද චෙන්නායි යන්නේ? (බ)
හිමාල් Wednesday, 26 October 2016 05:38 AM
අනේ හැබෑට සල්ලි වැඩි මිනිස්සු කරන වැඩ! (නි)
ධම්ම Tuesday, 25 October 2016 02:21 PM
ඇමතිවරු මිල අඩු කාර් ගැනීම මදි පුංචිකමක් බව එක ඇමතිවරයෙක් මේ ළඟකදී කිව්වා. ඒ වාගේම ඇමතිවරු ඉන්දියාව වගේ රටවල බෙහෙත් ගන්න යාමත් මදිපුංචිකමක් කියලයි මට හිතෙන්නේ. යන්නකෝ මවුන්ට් එලිසබත් ඇමතිතුමා. (අ)
ස්මිත් Tuesday, 25 October 2016 02:33 PM
පවු අනේ, දුකට අසනීප වෙලා (අ)