(සුජිත් හේවාජුලිගේ )
බිත්තර ගෙන්වීමේ ටෙන්ඩරය ඉන්දියාවට ලබාදීම නොහැකි වන තත්වයක් උදාවී ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
ඉන්දියාවේ කුරුළු උණ පැතිර පවතින හෙයින් එරටින් බිත්තර ආනයනය කිරීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී නොමැති බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
රජය බිත්තර ආනයනය කිරීම සඳහා ගත් තීරණයත් සමග ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ඉදිරිපත් වු ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සියයට 90 ක්ම ඉන්දීය සැපයුම්කරුවෝ වෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ බිත්තර ආනයනය කිරීමට කිසිදු ගැටලුවක් නොමැති වුවද කුරුලු උණ ප්‍රශ්නය හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බවයි.
2025 දෙසැම්බර් මස 18
238
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිත්තර ටෙන්ඩරය ඉන්දියාවට දෙන්න බැහැ
Manoj Saturday, 14 January 2023 11:02 AM
මේ කාන්තාවගේ ගිණුම් පරීක්ෂා කළ යුතුයි.
ravin Saturday, 14 January 2023 11:58 AM
අපරාදෙනේ...!! අයියලා ටික දත, කට මැදගෙන බලාගෙන උන්නේ ලැබෙන කොමිස් එක ගන්න නේද?
සමන් Sunday, 15 January 2023 07:59 AM
ආනයනය කරන බිත්තර හරහා ලංකාවේ කුරුළු උණ පැතිරෙන්න ඉඩක් තියෙනවනම් ඒ බිත්තර ගේන්න හොඳ නෑ තමයි. ඒකෙන් තවත් වසංගතයක් පැතිරුන දවසට අපේ ඉන්න කුකුළුන්ටත් බෝවෙලා මැරිලා යාවි. ඒ වගේම ඔය ගෙන්වන්න යන බිත්තර කාලා අපිත් ලෙඩ වෙලා මැරිලත් යාවි අනික් රටවලට වෙලා තියනවා වාගේ.
S.H.Liyanage Sunday, 15 January 2023 08:50 AM
අපේ රට මේ කණගාටු දායක තත්වයට වැටුණෙ මේ වගේ හැමදේම පිට රටන් ගේනන ගිහිල්ලා තමයි. මෙය දැන් වත් නැවැත්තුවට ඔබට ස්තූතියි.