IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිත්තරයකට රජයේ නව මිල දැනුම් දෙයි

රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු

 බිත්තරවල නව සංශෝධිත මිල සම්බන්ධයෙන් තමන්ට එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය අභියාචනාධිකරණයට  අද (15) දැනුම් දුන්නේය.

 සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා මෙම දැනුම්දීම කළේ මේ සම්බන්ධයෙන් ගොනු කර තිබූ පෙත්සම ප්‍රසන්න ද සිල්වා සහ ඛේමා සවර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

 එහිදී බිත්තර සඳහා පාලන මිලක් නියමකරන ලෙස පසුගිය අගෝස්තු 19 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නඩු විභාගය අවසාන වන තෙක් අත් හිටුවීමට අතුරු නියෝගයක්ද නිකුත් කෙරිණි.

 මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ පෙරේදා (14) රැස්වූ පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42 ක්ද රතු බිත්තරයක් සඳහා රුපියල් 44 ක්ද උපරිම සිල්ලර මිල ලෙස නියම කිරීමට තීරණය කර ඇති බවය.

 ඊට විරෝධය පළ කරමින් කරුණු දැක්වූ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කියා සිටියේ එම මිල ගණන් වලට එකඟ විය නොහැකි බවත් එය පාලන මිල ගණන්වලට අඩු බවත්ය.



අදහස් (7)

බිත්තරයකට රජයේ නව මිල දැනුම් දෙයි

Sunil Thursday, 15 December 2022 12:24 PM

අධිකාරිය මේ වියදම් කරන්නේ බිත්තර හිඟයක් ඇතිකරන්න.

:       7       3

jayaThursday, 15 December 2022 01:13 PM

මේ මාසයේ බිත්තර දාපු කුකුලන්ගේ මස් අඩුවට කමු. ලබන මාසයේ ඉඳල කැඳ බොන්න පුරුදු වෙමු. ගණන් හින්ද එළවලු දැනුත් කන්න බෑනේ.

:       4       2

Perera Thursday, 15 December 2022 01:23 PM

පාරිභෝගික අධිකාරියට පුළුවන්ද ඔය කියන ගාණට බිත්තර විකුණන්න..?

:       6       3

ලුම්බිණි Thursday, 15 December 2022 01:54 PM

පාරිභෝගික අධිකාරිය රටට යහපත් දෙයක් කලේ ඉතාම කලාතුරකින්.

:       5       3

Ananda Thursday, 15 December 2022 02:46 PM

ෆුඩ් සිටිවල වල රු 55/= 60/=

:       1       6

LalithM Thursday, 15 December 2022 04:34 PM

මිල තීරණය කරන්න වෙළෙඳපලට ඉඩදෙන්න.

:       2       2

Dewdrop Friday, 16 December 2022 08:39 AM

තවමත් බැරිඋනා බිත්තරයකට මිලක් නියම කරන්න ඉතිං ඉතුරු දේවල් ගැන කතා කරන්න දෙයක් තියෙනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site