IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘බත්තරමුල්ල පාෂාණය දියවෙන සුළුයි‘

බත්තරමුල්ලේ ජයන්තිපුර නිවසක මිදුලට අද (8) අලුයම වැටුණු පාෂාණය තරමක් දියවෙන සුළු බව පෙනේයැයිද, එවැනි පාෂාණයක් දුටු පළමු අවස්ථාව මෙය යැයි ද, කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න කියයි.

එය උල්කාෂ්මයක කොටසක් විය හැකි බව කියන ඔහු විද්‍යාගාර පරීක්ෂණ සඳහා එම කොටස් ලබා ගත්තේය. ඒවායේ විකිරණශීලීතාවක් හෝ යකඩ හෝ නැති බව ඔහු කියයි.

බත්තරමුල්ල ජයන්තිපුර මැද පාරේ සී ගුණතිලක මහතාගේ මිදුලට මේ ආගන්තුක පාෂාණය වැටී ඇත.

‘මෙම පාෂාණ උල්කාෂ්ම විය හැකියි. නමුත් කෙබඳු පාෂාණයක් ද යන්න කිව හැක්කේ පරීක්ෂණවලින් පසුවයි.‘

මහාචාර්යවරයා යන විට මෙම පාෂාණ කොටස් කුණුගොඩට දමා තිබිණි.

මහචාර්යවරයා කියනුයේ එවැනි දෙයක් ඉවත් නොකළ යුතු බවයි.

වැටුණු තැනම තැබීමෙන් පරීක්ෂණ පහසුවන බවත්, ඉවත් කිරීමෙන් වැදගත් සාක්කි නැතිවන බවත් ඔහු කියයි.



අදහස් (0)

‘බත්තරමුල්ල පාෂාණය දියවෙන සුළුයි‘

නිශාන්ත Saturday, 09 February 2013 02:22 AM

මේක දැන් රැල්ලක් වෙලා (ස)

:       0       0

හිල්මි Saturday, 09 February 2013 03:56 AM

බත්තරමුල්ල කියන්නේ හුගක් ඥනවන්තයෝ ඉන්න පැත්තක්ලු. (නි)

:       0       0

අසංක Saturday, 09 February 2013 06:12 AM

ඉදිරියට මොනවගේ දේවල් කඩාගෙන වැ‍ටේවිද කවුද දන්නේ (ස)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 09 February 2013 06:25 AM

පහුගිය කාලේ බත්තරමුල්ල පැත්තේ තිබුණු උද්ඝෝෂණ වලට පාවිච්චි කරන්න ගෙනාපු දේශපාලන මඩ වෙන්න ඇති. (නි)

:       0       0

දිලීප් Saturday, 09 February 2013 06:47 AM

මේවා ඉතින් අපිටම කියන නිසා හොඳයි (ස)

:       0       0

රිස්වාන් Friday, 08 February 2013 02:36 PM

සොහොන් ලකුණක් වගේ (ස)

:       0       0

කුරුවිට Friday, 08 February 2013 02:50 PM

ලග බේකරියකින් කපුටෝ ගෙනියන කොට බිම වැටිලද?(නදී)

:       0       0

නන්දා Friday, 08 February 2013 02:51 PM

විශ්වයේ පුදුමයක්, නියමයි.(නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 10 February 2013 11:15 PM

අපේ පාර්ලිමේන්තුවත් ඔය කිට්ටුවම නේද? ඉතින් පුදුමයක්යෑ ගල් පැලෙන එක? (නි)

:       0       0

සංජු Saturday, 09 February 2013 10:11 AM

මාරයි නේද? (නි)

:       0       0

දෝහා Saturday, 09 February 2013 10:12 AM

උල්කාපාතයක්වත් පාත් වෙලාද පොළවට? (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 09 February 2013 10:14 AM

අල්ලපු ගෙදර මනුස්සයා තරහට කළු ගල් කුට්ටියකින් ගැහුවද දන්නේ නෑ (ස)

:       0       0

චාමර Friday, 08 February 2013 03:19 PM

කිරි මැටි ගුලියක් නේද ? අහල පහල තරහකාරයෙක් දමල ගහන්න ඇති ! (ස)

:       0       0

නිශ්ශංක Saturday, 09 February 2013 10:52 AM

ලෝකෙ විනාසෙ ගැන කල පරික්ෂන වගේද දන්නේ නැහැ නේද?(නදී)

:       0       0

ආනන්ද Friday, 08 February 2013 03:24 PM

කිරි මැටි වගෙයි පේන්නේ (ස)

:       0       0

ජනක Friday, 08 February 2013 03:25 PM

බත්තරමුල්ලේ කෙනෙක් වෙලත් ඕක කුනු ගොඩට දාන්න තරම්ම කල්පකාවක් නැති කෙනෙක්ද.?(නදී)

:       0       0

දිනේෂ් Saturday, 09 February 2013 11:49 AM

කොහොමද ඉදිරියේ දී ලංකාවට ඔය විදියට මුතු මැණික් ටිකක් වැටුනොත්....(ස)

:       0       0

සංජය Friday, 08 February 2013 03:38 PM

ලෙඩ් වෙන්න ඇති. (නි)

:       0       0

නාලක Saturday, 09 February 2013 12:31 PM

දිඹුලාගල පැත්තේ හම්බ වෙච්ච පාෂාණ පිටසක්වල එව්වා නෙමෙයි කියල කිව්වානේද.. එක වහගන්න බත්තරමුල්ලට කිරිමැටි ගුලියක් උඩින් දාල... (නු)

:       0       0

අනුර Saturday, 09 February 2013 12:46 PM

මේක දැං කාලෙ පාං ගෙඩියක් වෙන්න ඇති.. (නු)

:       0       0

රසිකා මල්ලවාරච්චි Friday, 08 February 2013 06:20 PM

මේක ගැන හොයන්න ඕන දැං ගොඩක් මේවා ප්‍රශ්න වීගෙන එන්නෙ..(නු)

:       0       0

තිසල් Friday, 08 February 2013 06:20 PM

මීට පෙර පොළොන්නරුවට වැටුණු උල්කාෂ්මය ඒ මිනිස්සු පරෙස්සම් කරලා තිබුණා. කොළඹ නූගත්කමයි, ගමේ බුද්ධිමත්කමයි අතර වෙනස පේනවා නේද? (නි)

:       0       0

රංගශානි Friday, 08 February 2013 06:57 PM

අල්ලන්න එපා කියලා තියෙද්දිත් අල්ලනවා..!(නු)

:       0       0

අජිත් අමරවීර Friday, 08 February 2013 07:24 PM

කාබයිට් වගේ පේන්නේ? ගෑස්වලට අරන් ඉවරවෙලා කවුරුහරි දාන්න ඇති..!(නු)

:       0       0

එරංග Monday, 11 February 2013 12:21 PM

සොයා බලන්න හොදට මොකද මිට කලින් මේ වගේ දේවල් සිද්ද වී නැහැ (දී)

:       0       0

වසන්ත Saturday, 09 February 2013 01:54 PM

හැමදාම මොනවා හරි වැටෙනවා. හෙට මොනවා වැ‍යටයිද? දන්නේ නර (ස)

:       0       0

ගීත් Friday, 08 February 2013 09:08 PM

අයිස් ක්‍රීම්ද දන්නෙ නැහැ..!(නු)

:       0       0

ලක්මාලි Friday, 08 February 2013 09:13 PM

නොදන්න දේවල් ගැන ගොඩක් සැළකිලිමත් වෙන එක අපි හැමෝටම හොදයි..!(නු)

:       0       0

මෙනා Friday, 08 February 2013 09:35 PM

මම ජීවත් වෙන්නෙ ඇමරිකාවෙ.. මේවා ලංකාවෙ අයව නොමග අරින්න කරන වැඩ..!(නු)

:       0       0

හිල්මි Friday, 08 February 2013 09:39 PM

මොන කල්පනාද ජානක(නු)

:       0       0

සුදත් සමරවීර Friday, 08 February 2013 11:22 PM

පොළොව මතුපිටින් හමුවන හැම දෙයක්ම පිට සක්වලින් ආ බවට ඉක්මන් නිගමන ගැනීම ඉකා අඥානවන්තයි. පහුගිය කාලෙ අහසින් මාළුත් වැටුණ නම් ඒ වගේ මැටි ගුලියක් වැටෙන්නට බැරිද? ඇරත්, උල්කාශ්ම වායු ගෝලයට ඇතුළු වෙන කොට අධික තාපයට ගොදුරු වෙන හින්දා ‍මේ වගේ මෙලෙක් දෙයක් ඉතිරිවෙන්න පුළුවන්ද?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site