IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බතික්හල හිමිකරුගෙන් සරසවි සිසුවියට අමුතු මෝස්තරයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෝස්තර නිරූපණය සම්බන්ධයෙන් උපාධියක් හදාරන 23 හැවිරිදි සරසවි සිසුවියක උපාධියට අවශ්‍ය පුහුණුවක් ලබාගැනීම සඳහා බතික් කර්මාන්ත ශාලාවකට හිමිකරුවූ 80 හැවිරිදි අයකු ගේ ඉල්ලීම මත ඇය ඔහුට බත් කටක් කවා ඇති අවස්ථාවේ අතවරයට ලක් කරන ලදැයි කියන සිද්ධියකින් පසුව බත් පත දමා දිව ගොස් පෙම්‍වතා සමග පැමිණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පිළියන්දල පොලිසිය සදහන් කරයි.

මෝස්තර නිරූපණ ශිල්පි ඩිප්ලෝමා උපාධිය (fashion dssiging degree) හදාරන 23 හැවිරිදි පැමිණිලිකාර සිසුවියට සිය ඩිප්ලෝමාවට අවශ්‍ය ව්‍යාපෘතියක් සඳහා බතික් කර්මාන්තය සම්බන්ධයෙන් හැදෑරීම සඳහා සිය පෙම්වතා හරහා පිළියන්දල දොලේ කනත්ත ප්‍රදේශයේ බතික් වැඩපොළකට ගොස් ඇත.

මෝස්තර නිරූපණ ශිල්පය පිළිබඳ තොරතුරු හැදෑරීම සඳහා සිසුවිය දින කීපයක් එම ස්ථානයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි

සිසුවිය එහි යාමේදී දහවල් ආහාරය සඳහා කෑම පාර්සලයක්ද රැගෙන ගොස් තිබූ අතර ආයතනයේ පිටුපස කොටසේ සිට ආහාර ගනිමින් සිටියදී එම ස්ථානයට පැමිණි බතික් කර්මාන්තශාලාවේ හිමිකරු වූ 80 හැවිරිදි පුද්ගලයා සිසුවිය අමතා " දුවේ මටත් බත් කටක් කවන්නකෝ" යැයි පවසා ඇය අසලට පැමිණ සිටි බව පොලිසිය කියයි.

දුර බැහැර ප්‍රදේශයක පදිංචි වූ සිසුවියට එකවරම සිය ආතා සිහි වී ඇය කිසිදු පැකිලීමකින් තොරව ඔහුට සිය බත් පතෙන් බත් කටක් කවා ඇතැයි පොලිසිය කියයි.

මඳ වේලාවකදී "අනේ දුවේ රසම රසයි දුවේ, තවත් කටක් කවන්නකෝ"යැයි පවසමින් සිසුවිය අසලටම පැමිණි ඔහු සිසුවියගේ ලැම පෙදෙස පිරි මදින්නට තැත් කිරීමත් සමඟම සිසුවිය බත් පත ද එම ස්ථානයේ දමා සිය අත් බෑගයද රැගෙන වහා එම ස්ථානයෙන් පිටවී නවාතැන්පොළට පැමිණ සිය පෙම්වතාට ඒ බව දන්වා අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇතැයි කියයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරික්ෂිකා මදාරා සමරදිවාකර මෙනෙවිය වැඩිදුර පරීක්ෂණ පවත්වන්නීය.

 



අදහස් (9)

බතික්හල හිමිකරුගෙන් සරසවි සිසුවියට අමුතු මෝස්තරයක්

මැට්ටා Wednesday, 27 March 2024 11:08 AM

ඕස්ට්‍රේලියාවේ ළමයින් එක්ක වැඩ කරන්න නම්, work with children check කියලා දෙයක් ගන්න ඕනෑ. ඇතුලේ කරන දේ නම් දන්නේ නෑ.. හැබැයි ළමයින් සම්බන්ධ ඕනෑම දේකට, ස්වේච්ඡා නම් නොමිලේ ද, රැකියාවක නම් ගෙවීමක් කරලා ද, ඒක ගන්න ඕනෑ. වෙන එකක් තියා වැඩිමල් වුණත් (විශ්වවිද්‍යාල ගැන තමයි දන්නේ, අනික්වා කොහොමද හරියටම දන්නෑ) ක්‍රිකට් ක්ලබ් කණ්ඩායමක නායකත්වය තියෙනවා නම් ඒකට පවා ගන්න ඕනෑ. ලංකාවට work with women කියලා එකක් දැම්මා නම් හරි work with children වලට අමතරව...!

:       6       5

අරවින්ද මොනරවිල Wednesday, 27 March 2024 12:17 PM

නාකි විසේ ගෙටත් උසේ කියලා කියන්නේ මෙන්න මේවට තමා.

:       3       27

පිටරටවැසියා Wednesday, 27 March 2024 01:13 PM

සිසුවියට සිය ආතා සිහි වී, ආතාට දුව සිහි වී...

:       1       17

Banda Wednesday, 27 March 2024 01:59 PM

fashion desiging degree කියන්නේ මෝස්තර නිරූපණ ශිල්පි ඩිප්ලෝමා උපාධිය කියලා ඇහුවේ අදයි.

:       3       9

Nihal Wednesday, 27 March 2024 02:10 PM

ඔය වයස අරාබිකරයේ නම් 16ක ගෑණූ ළමයෙක් බඳින්නේ...!

:       3       13

samanWednesday, 27 March 2024 04:11 PM

ඔව් ඉතින් ඔයාලා වගේ අවුරුදු 30න් නාකිවෙන්නේ නැහැනේ... ඒ අය.

:       1       0

බද්රානි Wednesday, 27 March 2024 03:29 PM

ඒ වයසක මනුස්සයා මොනවා කරාටද මේකි මේ මෙච්චරටම දඟලන්නේ...? දඩාවතේ යන එවුන්ව ගෙවල් හෝ ආයතන ඇතුලට දා ගත්තාම ඔහොම තමයි... කෙල්ල ගානක් කඩා ගන්න තමයි මේ උත්සහ කරන්නේ...

:       19       8

මැක්ස් Wednesday, 27 March 2024 03:50 PM

මෙම වියපත් මනමාල තෙමේ "සිස්ටම් චේන්ජ්" වෙනුවෙන් පසුගිය කාලයේ කැපවී සිටි අයෙකි.

:       7       6

Kapila Wednesday, 27 March 2024 04:20 PM

අර උදයන්ති වගේ ද දන්නෑ නොවැ... එයැයි බත් එක කකා හිටියේ... දන්නෝ දනිති ඒ ගැන...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site