
(තිලකරත්න දිසානායක)
අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව , අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී පැවැත්විණි.
මීට සමගාමීව හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වන ගුණ සමරුව සහ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වන ගුණ සමරුවද සිදු කෙරිණි.
බණ්ඩාරනායක සමාධිය වෙත පුෂ්පෝපහාර පුද කිරීම බණ්ඩාරනායක මහතාගේ දියණියන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරණතුංග මහත්මිය , සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය සහ පවුලේ ඥාතීහූ සිදු කළහ.
මෙහිදී විනාඩි දෙකක නිශ්ශබ්දතාවය පළ කිරීමෙන් අනතුරුව ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් විසින් පිරිස පංචශීලයෙහි පිහිටුවීම සිදු කළ අතර පැන්වැඩීම පිනිස ආගමික වතාවත් පන්නිල ආනන්ද නාහිමියො සිදු කළහ.
අනතුරුව ප්‍රධාන අනුශාසනාව මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන් විසින්ද , නිට්ටඹුව මීසම් බාර කිරුල් ජයනාත් පියතුමන් සහ මව්ලවි කුරුක්කුල් විසින්ද සිදු කළහ.
බණ්ඩාරනායක ගුණ සමරු ගීතය ඉදිරිපත් කිරීම වේයන්ගොඩ සාන්ත මරියා ජාතික පාසලේ සිසු දරුවන් සිදු කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විලි ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැති මිනිස්සුත් සහභාගී වෙලා එහෙනම් ඈ...
අගමැති වෙලා හිටියේ අවුරුදු 3 ක් වගේ කෙටිකාලයක් .කෙරුවේ සින්හල බාසාව රාජ්‍ය බාසාව කරලා ,බල තණ්හාවට ජාති බේද අවුස්සපු එක.අවසානයේ අත්වූ ඉරණම ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
ඇයි මේ බණ්ඩාරනායක නාමයටත් අගෞරව කරන්නද අර හිටන්ව ගෙන්නාගෙන තියෙන්නේ ?