IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බණ්ඩාරනායකය සයානු වසර සපුරයි

ගම්පහ බණ්ඩාරනායක  විදුහල  සංවිධානය කළ ස්වර්ණ පුත්‍ර ප්‍රණාම සම්මාන උළෙල එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී අද උදෑසන පැවැත්විණි.

ගම්පහ බණ්ඩාරනායකයෙන් බිහි වූ විවිධ ක්ෂේත්‍රයන්හි අද්විතීය සේවයක් ඉටු කළ බණ්ඩාරනායක ආදි විද්‍යාර්ථයින්  15 දෙනෙකුට  ජීවිතයට එක්වරක් පමණක් හිමිවන මෙම සම්මානය පිරනැමිණි.

දේශපාලන ක්ෂේත්‍රය වෙනුවෙන් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන්  මහාචාර්ය  කේ.එන්.ඕ ධර්මදාස, වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මහාචර්ය එච්.එස් දොඩම්පහල සහ විශේෂඥ වෛද්‍ය ජගත් නිශාන්ත කුලතිලක යන මහත්වරුන්ටද  රාජ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් පුෂ්පකුමාර නිශ්ශංක සහ  නියෝජ්‍ය ආදායම් කොමසාරිස්  වසන්ති මංචනායක මහත්ම මහත්මීන්ටද , ජාතික ආරක්ෂාව යටතේ රියාල් අද්මිරාල් ජේ.ඒ ඩග්ලස් ඒ පෙරේරා මහතා ටද, අධිකරණ හා නීති ක්ෂේත්‍රය වෙනුවෙන් මහාධිකරණ විනිසුරු අරුණ රණසිංහ මහතාටද, මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සිළුමිණ ප්‍රධාන කතෘ ප්‍රවීන මාධ්‍යෙව්දී කරුණාදාස සුරිය ආරච්චි, ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපුල රත්නසිරි  සහ ප්‍රවීන නිවේදක වසන්ත රෝහණ යන මහත්වරුන්ටද, පෞද්ගලික මුල්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ඒෂියන් එලයන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චූලා හෙට්ටිආරච්චි මහතා ටද,  ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක නුවන් කුලසේකර, රංජිත් ප්‍රේමරත්න, සමීර දිසානායක යන ක්‍රීඩකයෝද  මෙහිදී ස්වර්ණ පුත්‍ර සම්මානයෙන් පිදුම් ලැබුහ.

වසර අනුහයක ස්වර්ණමය අස්වැන්න ‘බණ්ඩාරනායකයේ අපි‘  සහෝදරත්වයේ අත්වැල  මෙහි තේමාව විය.

විදුහලේ සමස්ථ ඉතිහාසය තුළ බිහිවු විද්‍යාර්ථයින් එක්රැස් කොට ඔවුන්ගෙන් විදුමවටත්, සියනෑ කෝරළයේ මහජනතාවටත් සමස්ථ ලාංකීය ප්‍රජාවටත් සේවා සැපයීම තුළින් විදුහලේ කීර්තිනාමය ඉහළ නංවාලීම සහ ප්‍රජා සත්කාරක සේවාවන් සමාජ වගකීම ඉටුකිරීම මෙහි අරමුණ විය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, එච්.ආර් මිත්‍රපාල,  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  අජිත් මාන්නප්පෙරුම,  උපේක්ෂා ස්වර්ණමාලි, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි  යන මහත්ම මහත්මීන් ද  විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලයද සහභාගී වුහ.

(අධ්‍යාපන -  මහාචාර්ය කේ.එන්.ඕ ධර්මදාස මහතා)

වෛද්‍ය - මහාචර්ය එච්.එස් දොඩම්පහල මහතා

විශේෂඥ වෛද්‍ය ජගත් නිශාන්ත කුලතිලක මහතා

රාජ්‍ය - නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් පුෂ්පකුමාර නිශ්ශංක මහතා

නියෝජ්‍ය ආදායම් කොමසාරිස් වසන්ති මංචනායක මහත්මිය

ජාතික ආරක්ෂාව - රියාල් අද්මිරාල් ජේ.ඒ ඩගලස් ඒ පෙරේරා මහතා

අධිකරණ හා නීති ක්ෂේත්‍රය - මහාධිකරණ විනිසුරු අරුණ රණසිංහ මහතා

මාධ්‍ය - සිළුමිණ ප්‍රධාන කතෘ කරුණාදාස සුරියආරච්චි මහතා

ස්වාධීන රූපවාහිනී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපුල රත්නසිරි මහතා

ප්‍රවීන නිවේදක වසන්ත රෝහණ මහතා

පෞද්ගලික මුල්‍ය - ඒෂියන් එලයන්ස් ෆිනෑන්ස් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී චූලා හෙට්ටිආරච්ච් මහතා

ක්‍රීඩා - රංජිත් ප්‍රේමරත්න මහතා

ප්‍රවීන වොලිබෝල් ක්‍රීඩක සමීර දිසානායක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකරට හිමි සම්මානය ඔහුගේ සොයුරු කෝසල කුලසේකර විසින් ලබා ගත් අවස්ථාව

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාට හිමි සම්මානය ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් ලබා ගත් අවස්ථාව

 

 



අදහස් (0)

බණ්ඩාරනායකය සයානු වසර සපුරයි

ලසන්ත Sunday, 06 July 2014 05:08 PM

ජය ශ්‍රී බණ්ඩාරනායක විදුහලට! (නි)

:       0       0

චරිත් රුක්ෂාන් ඩෙනිස් Sunday, 06 July 2014 08:18 PM

බණ්ඩාරනායක විදු මව සැමදා පෝෂණය කරමින් අපව ගොඩ නැංවූ අපේ දෙවෙනි අම්මට අප සදා නය ගැති! ඔබට චිරන් ජයතු! කෝ අපේ කොල්ලෝ තවම මේක දැක්කේ නැතිද? (නදී)

:       0       0

ගොවිඳු වීරක්කොඩි Sunday, 06 July 2014 08:36 PM

මට නම් ඇත්තටම සතුටුයි (නි)

:       0       0

අජන්ත Sunday, 06 July 2014 11:07 PM

බණ්ඩාරනායක විද්‍යාලය සැමදා දිනේවා! (නි)

:       0       0

සසංක Monday, 07 July 2014 01:22 AM

බණ්ඩාරනායක ආදි සිසුන්ට සුභ පැතුම්! (නි)

:       0       0

හර්ෂණී Sunday, 06 July 2014 04:19 PM

සියල්ලන්ටම අපේ සුභ පැතුම්! (නි)

:       0       0

හේමන්ත දොඩම්පේගම Monday, 07 July 2014 07:58 AM

වත්මන් විදුහල්පති ඩී.ඇස් සේනානායක විදුහලේ හිටපු උප විදුහල්පති ගොඩාක් හොද ජවසම්පන්න කෙනෙක්. ඔහුට මෙම පාසල බාරදෙමු ජය නියතයි (නදී)

:       0       0

ප්‍රේමලාල් Wednesday, 09 July 2014 05:34 AM

ඇත්තටම හරිම සන්තෝෂයි. බණ්ඩාරනායක විදුහල් මාතාව දිගුකල් දිනේවා! ජය නියතයි. (නි)

:       0       0

ඈශ්ලී Sunday, 06 July 2014 04:37 PM

බණ්ඩාරනායක විදුහල් මාතාවට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site