(අංජුල මහික වීරරත්න)
මෙරට බීඩි කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් හදුන්වා දෙන්නට රජය තීරණය කර තිබේ.
ජනපති උපදෙස් අනුව කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ සියළු පාර්ශව සමඟ සාකච්ඡාවක් පැවැති අතර ඒ අනුව අදාල ප්‍රතිපත්තිය සැකසීම මුදල් අමාත්‍යාංශය වෙත පවරා ඇත.
දැනට බීඩි කොළ කිලෝවක් සඳහා අය කරන රුපියල් 5000 ක සෙස් බද්ද ඉවත් කිරීමට ද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබේ.
බීඩි කොල ආනයනයේදී අය කරන රුපියල් 5000 ක සෙස් බද්දට අමතරව එක් බීඩියකින් රුපියල් දෙකක මුදලක් ද රජය අය කර ගනු ලබයි.
සුරා බදු දෙපාර්තමේන්තුව මෙි ක්‍රමය හඳුන්වා දී ඇති නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව ද ඉහත සාකච්ඡාවේදී හෙළිදරව් වී තිබේ.
බීඩි කොල කිලෝවකට අය කරන සෙස් බද්ද හේතුවෙන් හොර පාරෙන් රටට විශාල වශයෙන් බීඩි කොළ පැමිණෙන බවට ද මෙහිදී තොරතුරු වාර්තා වී ඇත. එම නිසා බීඩි කාර්මාන්තය විධිමත් කරමින් සුරා බදු දෙපාර්තමේන්තුවේ කටයුතු ද විධිමත් කිරීමට මෙහිදී තීරණය වී තිබේ.
බීඩි කර්මාන්තයේ 700 ක පමණ පිරිසක් මේ වන විට යෙදී සිටින බැවින් බීඩි කොළ ගෙන්වීමේදී අය කරන සෙස් බද්ද ඉවත් කොට එක් බීඩියකින් අය කරන බදු මුදල රුපියල් 3.50 දක්වා ඉහළ දැමීමට ද තීන්දු වී තිබේ.
සෙසු බද්ද ඉවත් කළ ද ලැබෙන ආදායම කිසි ලෙසකින් අඩු නොවන ලෙස මෙම සංශෝධනය ඉදිරිපත් කර ඇත. මුදල් ඇමතිවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉහත ප්‍රතිපත්ති මාලාව සාකච්ඡා කොට එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීඩි සෙස් බද්ද ඉවතට
සුපුන් Saturday, 21 October 2023 12:28 PM
පේනවනේ 2048 රට සුරපුරයක් කරන්න ගත්තු ඉතා හොඳ තීරණයක්. දැන් රට සුරපුරේ වෙන එක නවත්තන්න කාටවත් බෑ...!
sanath Saturday, 21 October 2023 03:17 PM
හොඳ තීරණයක්.
Nimal Saturday, 21 October 2023 03:44 PM
ඊළඟට කුඩු වලටත් මේ දේම කරමු .මිනිස්සුන්ට මොනවා උනත් කමක් නෑ
Kumar Sunday, 22 October 2023 06:07 AM
බීඩි වලින් තරුණ පරපුරේ පෙනහළු වලට සිදුවන හානිය ගැන තැකීමක් නැතුව වගෙයි...!