IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බඩේ අසනීපෙන් හොරේ එළියට

14 හැවිරිදි දැරියක කෙලෙසී යැයි 15 හැවිරිදි පාසල් සිසුවෙක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.

බඩේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට දැරිය රෝහලට ගිය විට ඇය සිව්මස් ගැබිණියක බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

 

 

 



අදහස් (0)

බඩේ අසනීපෙන් හොරේ එළියට

විමුක්ති Tuesday, 10 March 2015 10:01 AM

කාලීන ඇස , කාලීන මනස යනු ගුණ ධර්ම නැති කර ගැනීම නොවේ. කුණුකය තුන් කල්හිම දුගඳ හමයි. (දිල්)

:       0       0

විමුක්ති Tuesday, 10 March 2015 10:10 AM

තර්කය නිතරම නිවැරදි නොවේ. දුමින්ද නොගැලපෙන උපහැරණ භාවිතා නොකරන්න.රන්ජිත්,අභය, දුමින්ද නිර්මල බුදු බණ ඉගෙන ගන්න. එවිට සත්‍ය අවබෝධ වේ. (බ)

:       0       0

නෙලුම් Tuesday, 10 March 2015 10:39 AM

ජයනි, අම්මලාට විතරක් නෙවේ මේවා ගැන සොයා බැලීම පියවරුන්ගේත් වගකීම, කෙසේ වෙතත් දෙමුපියන් තම දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි, දරුවන් යන එන තැන්, ඇසුරු කරන අය, ඔවුන් අතට දෙන මුදල් වියදම් කරන හැටි, මේ හැමදෙයක් ගැනම. එසේ වුවානම් මෙවැනි දෙයක් නොවෙන්නට තිබුණා කියායි මගේ හැගීම. (ර)

:       0       0

කුමාරි Tuesday, 10 March 2015 11:20 AM

ගැහැණු දරුවෙකු වැඩිවිය පැමිණි දා සිටම අම්ම,ආච්චි,අක්කා වගේ අය, ඇයට ජිවිතේ ගැන කියා දෙන්න ඕන.එතකොට ඒ දරුවෝ අවබෝධ කර ගන්නවා කළ යුතු නොකළ යුතු දේ..(දිල්)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 March 2015 12:03 PM

මමත් කුමාරිගේ අදහසට එකඟයි.ගැහැණු දරුවෙකුට විතරක් නෙමෙයි පිරිමි දරුවෙකුට පවා හොඳ නරක දේ ගැන අවබෝධයක් ලබාදෙන්න ඕනෑ තම නිවසෙන්ම තමයි. (නි)

:       0       0

මාලන් Tuesday, 10 March 2015 01:49 PM

ලංකාවේ සමහර මෝඩ වැඩිහිටියෝ නිසා තමයි මෙවැනි දේවල් සිදුවන්නේ. බසයක, උද්‍යානයක, මුහුදු වෙරළේ, පෙම් යුවලක් දැකීම සමහර පටු ආකල්ප දරන වැඩිහිටියෝ දකින්නේ මහා අපරාධයක් ලෙසයි. ඉතින් තරුණ අපි ඒ අපරාධයෙන් හා මහා අවමානයෙන් ගැළවෙන්න තමයි ලෝකෙටම නොපෙනෙන තැනකට රිංගාගන්නේ. ඉතින් අවසාන ප්‍රතිඵලය ඕක තමයි. බොහෝ දේවල් සිදුවන්නේ ආදරයට මිස වෛරයකින් නම් නොවේ. මම හිතන්නේ මේවා සිදුවන්නේ වර්තමානයේ පමණක් නොවේ.ගැටලුව ඇත්තේ බොහෝ වැඩිහිටියන්ට ඔවුන්ගේ තරුණ සමය ඉක්මනින් අමතකවීමයි. (නි)

:       0       0

වජිර Tuesday, 10 March 2015 02:28 PM

ළමයාට පොඩි කාලයේ සිටම හොද නරක කියල දෙන්න. වැරද්දක් උනාට පස්සේ මොනවා කිවත් වැඩක් නෑ. (ර)

:       0       0

අචිර Tuesday, 10 March 2015 04:29 PM

දැන් ඉන්නේ ළමයි නොවෙයි, මහා මිනිස්සු (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 10 March 2015 09:08 PM

මෙවැනි සිද්ධි ලොව පුරා රටවල සිදුවෙනවා. මේ දෙදෙනා උල තියන්න කියලද විමුක්ති කියන්නේ? ඔවැනි ආකල්ප නිසා සියදිවි නසාගැනීම් වලට ඉඩතියන්න එපා.කරුණාකර පව්කාරයාට ගල්ගැසීමේ කතාව කියවා බුද්ධිය ඇතිකර ගන්න. (නි)

:       0       0

දුමින්ද Tuesday, 10 March 2015 05:31 AM

දරුවන් නිසිලෙස හඳුනා නොගැනීමෙන් සිදුවූ වැරැද්දක් (නි)

:       0       0

රන්ජිත් Tuesday, 10 March 2015 05:34 AM

අනවශ්‍ය ගැබ්ගැනීම් වළකාලීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළයුතුයි (නි)

:       0       0

රන්ජිත් Tuesday, 10 March 2015 05:34 AM

බාලවයස්කරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනෑ. (නි)

:       0       0

විමුක්ති Wednesday, 11 March 2015 03:20 AM

රටේ පිරිහීම ගැන කතාකර ඒවා අඩුකිරීමට උපදෙස් දුන්විට පවුකාරයින් ඒවාට උරණ වේ. දැන්වත් සදාචාරාත්මක වෙමු. නමුත් කොසොල් රජතුමා දුටු සිහින සිදුවෙමින් පවතී. (නි)

:       0       0

විමුක්ති Tuesday, 10 March 2015 05:50 AM

ඉහත ප්‍රතිචාර දැකීමෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ පිරිහීම මනාව පැහැදිලි වේ. වැරදි කළවිට මෙලොව පරලොව දෙකම වැනසෙන බව නොදනීද? (නි)

:       0       0

සොපී Tuesday, 10 March 2015 05:52 AM

ලිංගික අධ්‍යාපනය කියන්නේ අනවශ්‍ය ගැබ්ගැනීම් වලකා ගැනීම නොවෙයි .මේක ලංකාව අපිට අපේම කියල සාරධර්ම තියෙනවා .පාසල් යන වයසේ මෙවැනි දේවල් අනුමත කරන්න බැහැ.(දිල්)

:       0       0

අභය Tuesday, 10 March 2015 06:20 AM

විමුක්ති ප්‍රතිචාර දාන අයගේ පිරිහීම නෙවෙයි ඔබ බලන කෝණයෙන් නෙවෙයි අනිත් අය බලන්නේ කාලීන කෝණයෙන්. කාලීන ඇසකින් සහ මනසකින් (නදී)

:       0       0

ටර්ෂන් Tuesday, 10 March 2015 06:22 AM

බාලවයස්කාර නිර්වචනය වෙනස් කරමු දැන්. (ර)

:       0       0

නිමල් Tuesday, 10 March 2015 06:25 AM

දැන් ඉතිතින් මොනා කිව්වත් වැඩක් නෑ. දෙන්නා බන්ඳලා දාන්නයි තියෙන්නේ. හොද පවල් ජීවිතයක් ගෙවන්න පුළුවන්. අවරුදු 30 වෙද්දී 15 ළමයෙකුත් ඉන්නේ එකේ. (ර)

:       0       0

ඉසුරන්දි Tuesday, 10 March 2015 06:35 AM

මොන අධ්‍යාපනය දුන්නත් අලුත් නීතිරීති ගෙනාවත් වැඩක් නැහැ දැන් හැදෙන පරපුරටනම්. සාරධර්ම අතින් බැලුවොත් බින්දුවයි. (ර)

:       0       0

අරුණ Tuesday, 10 March 2015 06:54 AM

අභය, බුදුරජානන් වහන්සේ ලොවට හෙළිදරව් කල කර්මය, කර්ම පලදීම ආදිය කාලයට අනුව වෙනස් නොවේ. අපායේ, දෙව්ලොවේ දොරවල් සැම කල්හිම විවෘතව පවතී. ඒක ලෝක ධර්මතාවයක්. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 10 March 2015 07:23 AM

විමුක්ති, වරද -නිවරදිව දරුවන්ට කියාදීම කල යුතුය. අන්දයන් පසුපස සැරයටිය අල්ලා ගෙන යාමෙන් මන්මුලාවේ. (ර)

:       0       0

හැරී Tuesday, 10 March 2015 08:03 AM

මෙය බලහත් කර කමකින් හෝ ප්‍රෝඩාවකින් සිදුවන්නට බොහෝදුරට ඉඩ ඇත.ස්වීඩන් රටේ නම් මෙවැනි අවස්ථාවකදී ලියන්නේ සානුකම්පිත ආකාරයෙනි. (බ)

:       0       0

ලලිත් Tuesday, 10 March 2015 08:15 AM

මේවා ප්‍රචාරණයට ඉඩ දීම සුදුසු නැහැ කියලයි මගේ හැගීම.(ම)

:       0       0

ජයනි Tuesday, 10 March 2015 09:27 AM

දැරියගේ අම්මා මෙච්චර හරියක් වෙනකන් මොකද දන්නේ නැහැ කලේ ? (ම)

:       0       0

ජයනි Tuesday, 10 March 2015 09:27 AM

දැරියගේ අම්මා මෙච්චර හරියක් වෙනකන් මොකද කලේ ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site