IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ කී‍්‍රඩකයා කුසල්

වසරේ බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තේරී පත්විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ යොහාන් ද සිලවා අනුශුරතාව හිමිකරගත්තේය.

නැගී එන කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ධනුෂ්ක සඳරුවන් තෝරා ගන්නා ලද අතර එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ ලහිරු සංජයට හිමිවිය.

සන්ඬේ ටයිම්ස් පුවත් පත සහ ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය ඒකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගාවලියේදී වසරේ දක්‍ෂතම කී‍්‍රඩකයන් තෝරා ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති විනිශ්චය මණ්ඩලයක් විසිනි. මෙවර වසරේ දක්‍ෂතම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් තෝරා ගත් විනිශ්චය මණ්ඩලයට අශෝක ද සිල්වා (ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු කී‍්‍රඩකයකු වන අතර මේ වන විට කි‍්‍රකට් විනිසුරුවරයෙකි), බ්‍රෙන්ඩන් කුරුප්පු (ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු කඩුලූ රකින්නා වන අතර මේ වන විට කි‍්‍රකට් පුහුණුකරුවෙකි), විකාස් ආනන්ද් (බාටා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක), ජයන්ත සෙනෙවිරත්න (කනිෂ්ඨ කි‍්‍රකට් ජාතික තේරීම් කමිටු ප‍්‍රධානී), හට් ටුටුකෝ (බාටා සමාගමේ මුල්‍ය පාලක), ඩිල්ෂාන් ද සිල්වා (පාසල් කි‍්‍රකට් සංගමයේ ලේකම්) සහ ශිරෝෂ ගුණතිලක යන මහත්වරු ඇතුළත් වූහ.

34 වැනි වරටත් පැවැත්වෙන බාටා - සන්ඬේ ටයිම් වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරයේ අවසන් වටයේ තේරීම් කටයුතු පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණ.

සමස්ත ලංකා පාසල් කාණ්ඩය

වසරේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව -: කුසල් මෙන්ඩිස් (මොරටුව වේල්ස් කුමර විද්‍යාලය)
අනුශූරතාව :- යොහාන් ද සිලවා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

දක්ෂතම පිතිකරු
ශූරතාව -: කුසල් මෙන්ඩිස් (මොරටුව වේල්ස් කුමර විද්‍යාලය)
අනුශූරතාව :- පවන් දේවින්ද (කොළඹ මහානාම විද්‍යාලය)

දක්ෂතම පන්දුයවන්නා
ශූරතාව -: යොහාන් ද සිලවා (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
අනුශූරතාව :- රමේෂ් මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)

දක්ෂතම පන්දුරකින්නා  
ශූරතාව -: නිර්වන්ත තක්ෂිල (ගාල්ල මහින්ද විද්‍යාලය)
අනුශූරතාව :- හසිත මධුෂාන් (ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය)

දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව -: චලන ද සිල්වා (ගාල්ල මහින්ද විද්‍යාලය)
අනුශූරතාව :- රමිඳු කුමාරසිංහ (මහනුවර ති‍්‍රත්ව විද්‍යාලය)

හොඳම නායකයා
ශූරතාව :- හසිත මධුෂාන් (ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය)

හොඳම කණ්ඩායම
ශූරතාව :- ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය

නැගී එන පාසල් කාණ්ඩය
වසරේ නැගී එන පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා
ශූරතාව -: ධනුෂ්ක සඳරුවන් (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)
අනුශූරතාව -: ලහිරු සංජයට (පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය)

දක්ෂතම පිතිකරු
ශූරතාව :- සහන් ආරච්චිගේ (ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය)
අනුශූරතාව :- ලහිරු උදාර (ශාන්ත ජොන් විද්‍යාලය නුගේගොඩ)

දක්ෂතම පන්දුයවන්නා
ශූරතාව -: ධනුෂ්ක සඳරුවන් (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)
අනුශූරතාව :- රොෂාන් ප‍්‍රනාන්දු (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය)

දක්ෂතම පන්දුරකින්නා  
ශූරතාව -: රිෂාන්ත් තුදෝර් (යාපනය ශාන්ත ෆැට්රික් විද්‍යාලය)
අනුශූරතාව :- කණිෂ්ක පෙරේරා (කෝට්ටේ ජනාධිපති විද්‍යාලය)

දක්ෂතම තුන් ඉරියව් කී‍්‍රඩකයා
ශූරතාව -: ලහිරු උදාර (ශාන්ත ජොන් විද්‍යාලය නුගේගොඩ)
අනුශූරතාව :- ධනුෂ්ක සඳරුවන් (කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය)

හොඳම කණ්ඩායම්
බස්නාහිර පළාත් ශූරතාව -: ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය
මධ්‍යම පළාත් ශූරතාව :- මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය
දකුණු පළාත් ශූරතාව -: මාතර රාහුල විද්‍යාලය
සබරගමුව පළාත් ශූරතාව :- කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලය
උතුරු පළාත් ශූරතාව -: යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය
වයඹ පළාත් ශූරතාව -: කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය
උතුරු මැද පළාත් ශූරතාව -: අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

හොඳම නැගී එන කණ්ඩායම
ශූරතාව :- අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය

 



අදහස් (0)

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ කී‍්‍රඩකයා කුසල්

මහේෂ් Wednesday, 19 June 2013 04:26 PM

ආඩම්බරයි පුතේ ඔය ගැන. හැකියාවෙන් තව ඉදිරියටම යන්න. අපි බලන් ඉන්නවා ඔය ජාතික කණ්ඩායමට එනකන්. සුබ පැතුම්. (නි)

:       0       0

කිත්සිරි Wednesday, 19 June 2013 03:45 PM

කමෝන් කුසල් ,වේල්ස් කුමාර විද්‍යාලයට ජයවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site