
(සුජිත් හේවාජුලිගේ)
සීමාසහිත සී-නෝර් පදනම නිෂ්පාදනය කළ ගිලන්රථ බෝට්ටුවක්,පාලම් පාරුවක් හා දැල් ආම්පන්න ගැනුම්කරුවන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පදනමට රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම යාත්‍රා සහ දැල් ආම්පන්න ගැණුම්කරුවන්ගේ ඉල්ලුම පදනම් කරගෙන 2015-2018 අතර කාලයේදී නිෂ්පාදනය ඇතැයි පැවසෙන්නේ කිසිඳු ගිවිසුමකට එළඹීමකින් තොරවය.
මෙම ගිලන්රථ බෝට්ටුවේ වටිනාකම රුපියල් ලක්ෂ 45කට වැඩි බව ජාතික විගණන කාර්යාලය පවසයි.
පාලම් පාරුව රුපියල් ලක්ෂ 87කට වැඩි වටිනාකමින් යුක්ත වන අතර දැල් ආම්පන්න වල වටිනාකම රුපියල් කෝටියකට වැඩි බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර පෞද්ගලික අංශය විසින් නිෂ්පාදනය කෙරුණු යාත්‍රා පහකට අදාළව උපදේශන ගාස්තු ලෙස රුපියල් හැටපන් ලක්ෂයක පමණ මුදලක් සීනෝර් පදනමට ගෙවා තිබුණද 2019 නොවැම්බර් 30 වැනිදා දක්වා ඒ යාත්‍රා නිෂ්පාදනය කර බාරදීමට නිෂ්පාදකයා පෙළඹවීම සඳහා පදනම කටයුතු කර නොතිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
මේ අතර දික්ඕවිට ධීවර වරාය ව්‍යාපෘතිය සඳහා පදනමේ ගොඩනැගිලි සහ භූමි පරිශ්‍රය භාවිතා කිරීම සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රුපියල් ලක්ෂ තිස් පහකට වැඩි මුදලක් අය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන නොතිබුණු බවත් පදනමේ සාමාන්‍යාධිකාරීවරයා බඳවා ගැනීමේදී බඳවා ගැනීම් නිර්ණායකවලට අනුකූලව ලකුණු නොදීම නිසා සුදුසුකම් සහිත අයකු වෙනුවට සුදුසුකම් රහිත අයකු පත්වී ඇති බවත් විගණන අංශ පවසයි.
මේ අනුව ඒ නිලධාරියාට 2015 වර්ෂයේ සිට 2019 වර්ෂයේ අගෝස්තු දක්වා රුපියල් ලක්ෂ 55 කට වැඩි වැටුප් සහ දීමනාද අර්ථසාධක අරමුදලේ දායක මුදල් ලෙස රුපියල් ලක්ෂ 55 කට වැඩි මුදලක්ද වැය කර ඇතැයි විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෝට්ටු හැදිල්ලෙන් සී-නෝර් පදනමේ කෝටි දෙකක් වතුරේ