බැඞ්මින්ටන් පුහුණුකාරිණියක ලෙස ශ්‍රී ලංකාවේ සේවයට එක් වු ජපාන් ජාතික මසාමි යමෂාකි මහත්මිය ජාතික බැඞ්මින්ටන් සංවර්ධන සංචිතයේ පුහුණුවීම් ආරම්භ කළ බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට පැවසීය. ජාතික කනිෂ්ඨ තරගාවලිය ඇතුළු තරගාවලිවලදී දස්කම් දැක් වු වයස 19 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 16 දෙනකුගෙන් සමන්විත සංවර්ධන සංචිතයේ පුහුණුවීම් බැඞ්මින්ටන් සංගම් මුලස්ථානයේදී සහ සිංහල ක‍්‍රීඩා සමාජයීය බැඞ්මින්ටන් සංකීර්ණයේදී මේ දිනවල සිදුකෙරේ. යමෂාකී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කාන්තා) 24 වැනි ස්ථානයේ සිටි හිටපු ප‍්‍රවීණතම ක‍්‍රීඩිකාවක් වන අතර ඇය කලක් මාලදිවයිනේද බැඞ්මින්ටන් පුහුණුකාරිණියක ලෙස සේවය කර තිබේ. බස්නායක මහතා පවසන්නේ වසරක කාලයක් යමෂාකිගේ සේවය ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවයි. ජාතික බැඞ්මින්ටන් සංචිතයේ පුහුණුවීම් මැලේසියානු ජාතික ෂංකර් අන්නමලේ මහතා යටතේ දැන් ක‍්‍රියාත්මක වන බවද බස්නායක මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
259
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැඞ්මින්ටන් සංවර්ධන සංචිතයේ පුහුණුවීම් ජපානයේ යමෂාකිට