ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක කරුණාරත්න පිළිගැනීමේ උත්සව දෙකක් පෙරේදා (22) ඔහුගේ උපන්ගම වන අම්බලන්ගොඩ නගරයේදී පැවැත්විණි.
නිලූක කරුණාරත්න ඉගෙනුම ලැබූ අම්බලන්ගොඩ පී.ද.එස්.කුලරත්න සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලවල ඔහු පිළිගැනීමට මෙම උත්සව සංවිධාන කර තිබුණි.
පී.ද.එස්. කුලරත්න විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී පැවැති පිළිගැනීමේ උත්සවයට විදුහල්පති ජී.ඩබ්ලිව්. ජගත් සේනාරත්න, නිලූකගේ පියා වන ලූවී කරුණාරත්න, ක‍්‍රිකට් ජයගෝෂකයකු වන පර්සි අබේසේකර, අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ දිලිප් කුමාර යන මහත්වරු සහභාගී වූහ. ධර්මාශෝක විද්‍යාලයීය මුදළිඳු තෝමස්ද සිල්වා ශ‍්‍රවණාගාරයේදී පැවති නිලූක පිළිගැනීමේ උත්සවයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය, විදුහල්පති එම්.ජී. ඕ.පී. පණ්ඩිතරත්න, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන ඩබ්ලිව් සරණි, විකුම්පි‍්‍රයලාල් කේ.පී. තිලකරත්න, ක‍්‍රීඩා ලේකම් විරාජ් චමින්ද, බූස්ස යුද හමුදා කඳවුරේ ආඥාධිපති බි‍්‍රගේඩියර් අරුණ ආරියසිංහ, ආදිශිෂ්‍ය සංගමයේ සමලේකම් තාරක මාදුවෙගේ, ලාල් රණසිංහ, ජනක විමලසූරිය, හැළඹගේ පේ‍්‍රමසිරි යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ
2025 දෙසැම්බර් මස 18
259
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැඞ්මින්ටන් ශූර නිලූකට උපන්ගමෙන් හරසර
හනුමා Saturday, 26 May 2012 05:59 AM
නිලූක, ඔටට ඉදිරියටම යන්න පුළුවන්
ප්‍රභා Saturday, 26 May 2012 07:51 AM
තවත් රත්තරං පුතෙක්
විෂාන් Saturday, 26 May 2012 09:25 AM
නිලූක, ඔටට ඉදිරියටම යන්න පුළුවන්
එරන්ද නිලාන් Saturday, 26 May 2012 11:31 AM
නියමයි නිලූක ජය වේවා!!
රොෂේන් Friday, 25 May 2012 02:38 PM
මෙයාගේ ගම බලපිටිය.ඉතිං මමත් බලපිටියේ තමයි. ලංකාදීප, කාටද ආඩම්බර ඈ........
අනුරාධ Friday, 25 May 2012 03:19 PM
විශිෂ්ඨ වැඩක්....