IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැංගලෝර් පිල අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටේ

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 63 වැනි තරගය ලෙස බැංගලෝර්හිදී අද (14 වැනිදා) පැවැති තරගයේදී කිංග්ස් XI පංජාබ් පිල හමුවේ කඩුලූ 7 කින් පරාජයට පත්වීමත් සමග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ පළමු කණ්ඩායම් හතරට පැමිණීමේ බලාපොරොත්තුව අවධානම් තත්ත්වයකට පත්විය.

බැංගලෝර් පිල මේ වන විට තරග 15 කදී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වන අතර අවසන් වටයේ කණ්ඩායම් හතරට පැමිණීමට නම් මේ මස 18 වැනිදා චෙන්නායි පිලට එරෙහිව පැවැත්වෙන පළමු වටයේ අවසන් තරගයෙන් බැංගලෝර් පිල ජය ලැබීම අනිවාර්ය වේ.

හයිද්‍රාබාස් පිල තරග 14 කදී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා ශුද්ධ ලකුණු වේගය අනුව පස්වැනි ස්ථානයේ පසු වෙයි. හයිද්‍රාබාද් පිලට තවත් තරග දෙකක් ඉතිරිව තිබේ.

පංජාබ් පිලේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඇඩම් ගිල්ක‍්‍රිස්ට් (නොදැවී 85) සහ අෂාර් මහ්මූඞ් (61) ලකුණු 118 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් වූහ.

බැංගලෝර් පිල නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් යැවූ  ඕවර හතරට එක කඩුල්ලක් පමණක් ලබා දෙමින් ලකුණු 44 ක් රැස් කිරීමට පංජාබ් පිතිකරුවෝ සමත් වූහ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 175

(ක‍්‍රිස් ගේල් 77, චෙටෙෂ්වර් පුජාරා 19, විරාට් කෝලි 57, පර්වින්ඩර් අවානා 39/3, අෂාර් මහ්මූඞ් 25/2)

කිංග්ස් XI පංජාබ් පිල  ඕවර 18.1 කදී කඩුලූ 3 ට 176

(ඇඩම් ගිල්ක‍්‍රිස්ට් නොදැවී 85, අෂාර් මහ්මූඞ් 61)

 



අදහස් (0)

බැංගලෝර් පිල අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටේ

අමල් Tuesday, 14 May 2013 04:05 PM

කෝලි තමා පෙනෙන්න බැරි (නි)

:       0       0

සීතා Tuesday, 14 May 2013 04:06 PM

අපෝ කෝලිලා පරදින තරමට හොදා (නි)

:       0       0

රජ Wednesday, 15 May 2013 03:29 PM

ලංකාවෙන් ගිය හැමදෙනාම සෙල්ලන් කරන හැටි දැක්කම අනේ අපොයි කියවෙනවා. බැටින්, බෝලින් ඉස්තරම්. (නි)

:       0       0

ශාමන් Tuesday, 14 May 2013 04:07 PM

සංගාගේ ටීම් එක අවොත් හොදයි. (ස)

:       0       0

නිෂේන්ද්‍රා Tuesday, 14 May 2013 04:24 PM

මොකා ආවත් අපිට හුලන්.(නදී)

:       0       0

අමිල Wednesday, 15 May 2013 12:58 AM

මුරලි තමයි අද මැච් එක කෑවේ (නි)

:       0       0

යොහාන් Tuesday, 14 May 2013 04:47 PM

බන්ග්ලොරේ පිලට අද තරඟය තීරණාත්මක නිසා වෙන්න ඇති මුරලිව ගන්න ඇත්තේ. (ස)

:       0       0

රන්සිළු Tuesday, 14 May 2013 04:55 PM

සංඟලා තමයි එන්න ඕන. මොකද අපේ කෙනෙක් සෙල්ලං කරනවනේ. කොලිඑයව කාටවත් පෙන්න බෑ. (ස)

:       0       0

මංගල Wednesday, 15 May 2013 12:13 PM

මහේල, සංගා, දිල්ෂාන්, ක්‍රිකට් ගහන හැටි දැක්කම අනේ කියල හිතෙනවා .........(ස)

:       0       0

මංගල Wednesday, 15 May 2013 12:24 PM

ශාමන්,සංගාගේ ටීම් එක අවාට් සංගාට බංකුවේ ඉදන් මැච් බලන්න වෙන්නේ ........(ස)

:       0       0

නිමල් පෙරේරා Wednesday, 15 May 2013 08:19 AM

අද තරගයේදී ක්‍රිස් ගේල් ලකුණු රැස් කරපු වේගය මදි කියලයි මට හිතෙන්නේ. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 04:04 PM

මුරලිට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site